සේවා විශ්‍රාම වැටුප් (SERVICE PENSIONS)


නාවික හමුදා පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුප් 1981 සංශෝධිත නාවික හමුදා විශ්‍රාම වැටුප් සහ පාරිතෝශික දීමනා සංග්‍රහය සහ එහි සංශෝධනයන් අනුව සිදු කරන අතර, එය 1981 සැප්තැම්බර් මස 01 දින සිට බලපැවැත්වේ. මෙහි නිළධාරීන් සදහා දෙවන ඡේදය ද, නාවිකයින් සදහා 18 වන ඡේදයද අදාල වේ.

තවද ‍මෙයට අමතරව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කලින් කලට නිකුත් කරනු ලබන විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛනයන්ද විශ්‍රාම වැටුප් සකස් කිරිමට උප‍යෝගි කර ගනු ලබන අතර පහත සදහන් පරිදි ‍‍වේ.

අ.

2016 සැප්තැමිබර් මස 09 වන දිනැති අංක.03/2015 (සංශෝධන II) දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ආ.

2016 ජුනි මස 01 වන දිනැති අංක.03/2016 (සංශෝධන I) දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ඇ.

2016 අ‍ප්‍රේල් මස 27 වන දිනැති අංක.03/2016 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ඈ.

2015 දෙසැම්බර් මස 08 වන දිනැති අංක. 9/2015 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ඉ.

2015 දෙසැම්බර් 29 වන දිනැති අංක.8/2015 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ඊ.

2015 අ‍ප්‍රේල් 21 වන දිනැති අංක.03/2015 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

උ.

2010 ජුලි මස 27 වන දිනැති අංක. 6/2010 (සංශෝධන I) දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

ඌ.

2010 ජුලි මස 16 වන දිනැති අංක. 6/2010 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

එ.

2009 සැප්තැම්බර් මස 25 වන දිනැති අංක.16/2009 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛය

එ‍මෙන්ම විශ්‍රාම වැටුප් සකස් කිරි‍‍‍‍‍මේ ක්‍රියාවලිය කඩිනම් කිරි‍‍මේ අරමුනින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අංක. 03/2016 දරණ විශ්‍රාම වැටුප් චක්‍ර‍ලේඛනයට සමගාමිව නාවික හමුදාධිපති විසින් පහත සදහන් සං‍දේශය ප්‍රකාශයට පත් කරන ලදි.

2015 ‍නොවැම්බර් මස 18 වන දිනැති අංක.නාහ 5 දරණ නාවික හමුදාධිපති‍ගේ සං‍දේශය.

අ. නිළධාරීන්ට වසර 20 ක සහ නිළධාරිනියන් වසර 15 ක අවම ශුද්ධ සේවා කාළයක් සපුරා තිබිම.

ආ. නාවිකයින් සදහා වසර 22 ක සහ කාන්තා නාවිකයින්ට වසර 15 ක අවම ශුද්ධ සේවා කාලයක් සපුරා තිබිම.

අ. විශ්‍රාමිකයා විසින් රැගෙන ආ යුතු ලියකියවිලි

විශ්‍රාම ගැන්වීමට නියමිත නාවික පුද්ගලයින් තමන් විශ්‍රාම ගන්නා දිනට මාසයකට පෙර පහත සදහන් ලිපිලේඛණ වල මුල් පිටපත් නාවික හමුදා විශ්‍රාම වැටුප් අංශය වෙත ලබා දිය යුතුය.


(1) විශ්‍රාමිකයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 02 යි

(2) විශ්‍රාමිකයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කල පිටපත් 02 යි

(3) කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් 02 යි.

(4) විවාහ සහතිකයේ මුල්පිටපත් 02 යි

(5) පෙර විවාහයක් පැවතියේ නම් එම විවාහයෙන් දික්කසාද බව සනාථ කිරීම සදහා අධිකරණය විසින් ලබා දී ඇති නියත තීන්දුව   සහ නෛසයිතික තීන්දු ප්‍රකාශයේ මුල් පිටපත.

(6) කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කල පිටපත් 02 යි

(7) දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත් 02 බැගින්.

(8) ආබාධිත දරුවන් සිටීනම් පහත සදහන් වාර්ථාවන් ඉදිරිපත් කළ යුතුවේ.

(අ) ආබාධිත දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත

(ආ) වර්ථමාන රෝගී තත්වය පිළිබදව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරී සහතිකය. (ආබාධිත තත්වය වයස අවුරුදු 26 ට පෙර සිදුවු බව සනාථ කිරීම සදහා රජයේ රෝහලකින් නිකුත් කරනු ලැබු වෛද්‍ය වාර්ථාවක්)

(ඇ) අබාධිත අයගේ මෑතකදී ලබාගත් පෝස්ට්කාඩ් ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ ඡායාරූපයක්.

(ඈ) පෙර රෝගීතාවය සනාථ කරන සාක්ෂි. (රෝහල් වීදි, සායන වාර්ථා, රෝග විනිශ්චය තුණ්ඩු)

(ඉ) ආබාධිත අනත්දරු දිවුරුම් ප්‍රකාශය

(9)   කලත්‍රයා මියගොස් ඇත්නම් මරණ සහතිකයේ මුල් පිටපත.

(10) නම් වල වෙනස්කම් පවතීනම් ඒ සදහා දිවුරුම් ප්‍රකාශයක්.

(11) ග්‍රාම නිළධාරීගෙන් ලබා ගන්නා ලද පදිංචිය පිළිබද සහතිකය.

(12) පැහැදිලි වර්ණ ඡායාරූපයක් (4.5cm x 3.5cm ප්‍රමාණයේ)

අා. නාවික විශ්‍රාම වැටුප් අංශයේදී සම්පුර්ණ කල යුතු ලියකියවිලි.

(1) නැවි 345 විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයේ 07 වන පිටපත.

(2) මාර්ගගත අයදුම්පත්‍රයේ 03 වන පිටපත

(3) බැංකු විස්තර ඇතුලත් ආදර්ශ අත්සන් පත්‍රිකාව පිටපත් 03 යි

(4) භාණ්ඩාගාර 10 ආකෘතිපත්‍රය පිටපත් 01 යි

(4) විශ්‍රාමික හැදුනුම්පත සකස්කිරීමේ අයදුම්පත

 

විශ්‍රාම වැටුප් සකස් කිරීමේ ක්‍රියාවලිය අනුපිළිවෙලින් පහත සදහන් පරිදි වේ


අ. යම් නාවික පුද්ගලයෙකු විශ්‍රාම ගැන්වීමට මාස 06 කට පෙර එම නාවික පුද්ගලයා විසින් සම්පුර්ණ කරන ලද මාසික විශ්‍රාම වැටුප් ප්‍රදානය හා විශ්‍රාම පාරිතෝශිකය ලබා ගැනීමේ අයදුම්පත සහ වැන්දඹු අනත්දරු ප්‍රකාශය සම්පුර්ණ කර අණදෙන නිළධාරීගේ නිර්දේශයන් සහිතව ගෙන්වා ගැනීමට අධ්‍යක්ෂ නාවික (පුද්ගල)/ ආඥාපති ස්වේච්ඡා නාවික හමුදා මුල්ථානය විසින් කටයුතු කළ යුතු අතර මේ සදහා හදුන්වා දී ඇති නව අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.

ආ. සේවයෙන් විශ්‍රාම ගන්නා නාවික පුද්ගලයින් නැවත රැකියාගත කිරීම සදහා සලකා බලන බැවින් මාසික විශ්‍රාම වැටුප් ප්‍රදානය හා විශ්‍රාම පාරිතෝශිකය ලබා ගැනීමේ අයදුම්පත් සමග A4 ප්‍රමාණයේ කඩදාසියේ එක් පිටපතක් පමණක් භාවිතා කරමින් තමන් විසින් සකස් කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සියලුම නාවික පුද්ගලයින් කටයුතු කල යුතුය.

ඇ.        එමෙන්ම මාස 06 කට පෙර ඉදිරිපත් කරනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රදානය හා විශ්‍රාම පාරිතෝෂිකය ලබා ගැනීමේ අයදුම්පත, මාස 03 කට පෙර පිටපත් 03 කින් යුතුව පහත සදහන් ලිපි ලේඛණද සමගින් අධ්‍යක්ෂ නාවික (පුද්ගල)/ ආඥාපති ස්වේච්ඡා නාවික හමුදා මුල්ථානය විසින් අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතු අතර, අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) විසින් එම ලිපි ලේඛණ සහ විශ්‍රාම ගන්නා දිනට නිවැරදිව සකස්කල වැටුප් පත්‍රිකාවක්ද සමගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුය.

(1) PD I සහ PD II ආකෘතිපත්‍රය

(2) විශ්‍රාම ගැන්වීම අනුමත කරන ලද ලිපියේ පිටපත් 02 යි

(3)ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද පිටපතක්

(4) බැංකු ගිණුම් පොතෙහි සහතික කරන ලද පිටපතක්. (අදාල බැංකු ගිණුම් විස්කර ඉදිරිපත් කිරීමේදී අනිවාර්යෙන්ම විශ්‍රාම වැටුප ලබා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුලත පිහිටි ලංකා බැංකුව (BOC) , මහජන බැංකුව (PEOPLE’S) හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB), යන රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යනු ලබන තනි පුද්ගල ගිණුමක් පමණක් විය යුතුය. එසේම නාවික පුද්ගලයින් විසින් නාවික හමුදාව තුල ආයතනික කටයුතු සදහා භාවිතා කරන නම හා බැංකු ගිණුමෙහි භාවිතා කරන නම අතර යම් විෂමතාවයක් පවතීනම් ඒ සදහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය).

ඈ.        මාසික විශ්‍රාම වැටුප් ප්‍රදානය හා විශ්‍රාම පාරිතෝෂිකය ලබා ගැනීමේ අයදුම්පත සම්පුර්ණ කිරීමේදී එම අයදුම්පතේ විශ්‍රාමිකයාගේ මෑතකදී ගන්නා ලද 4.5 cmx3.5 cm ප්‍රමාණයේ පැහැදිලි වර්ණ ඡායාරූපයක් හා වැන්දඹු අනත්දරු තොරතුරු ප්‍රකාශයේ කලත්‍රයාගේ මෑතකදී ගන්නා ලද 4.5 cmx3.5 cm ප්‍රමාණයේ පැහැදිලි වර්ණ ඡායාරූපයක් ඇලවිය යුතුය.

ඉ.        නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේදී ඒ සදහා අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය ලබා ගත යුතු බැවින්, වයස අවු. 55 සපිරීමකදී හැර නිළධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගන්නා දිනයන් යථාකාලයට බලපාන පරිදි මාස 03 ක කාල සීමාවකට ප්‍රථමයෙන් දැනුම්දීම කල නොහැකි හෙයින් නිළධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පරිපාලනමය වශයෙන් ගැටලු සහගත වන බැවින් විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු විසින් විශ්‍රාම වැටුප හා සම්බන්ධිත සියලු ලියකියවිලි සහ ආකෘතිපත් පෞද්ගලිකවම අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) වෙත ලබා දීමට කටයුතු කල යුතුය.

ඊ.        විශ්‍රාමිකයෙකු විදේශගත වන්නේ නම් විශ්‍රාම වැටුප ලබාගැනීම සදහා එරට පිහිටි තනාපති/මහ කොමසාරිස් කාර්යාල සමග සම්බන්ධීකරණය වී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විදේශ සේවා අංශය වෙතින් අවශ්‍ය කටයුතු සිදුකරගත යුතුය.

සැ:යු:   :-         අවමන් සහිතව හෝ විෂමාචාර හේතූන්මත සේවයෙන් පහ කිරීමකදී හෝ ඉවත් කිරීමකදී එම පුද්ගලයාගේ ඉල්ලීම මත රාජ්‍ය පරිපාලන අමත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ප්‍රතිශතයක විශ්‍රාම වැටුපක් ඔවුන්ගේ යැපෙන්නන්ගේ නඩත්තුව සදහා ආධාර දීමේ අවශ්‍යතාවය මත ලබා දිය හැක.

 

පරිවර්ථිත පාරිතෝෂිකය ගෙවීම 

අ. විශ්‍රාම වැටුප් අංකය නිකුත් කල වහාම විශ්‍රාම ගනු ලබන දිනට පාරිතෝෂික මුදල්ද ගෙවීම් කිරීම සිදුකරන බැවින්, විශ්‍රාම ගන්වනු ලබන සියලුම නාවික පුද්ගලයින්ගෙන් රජයේ අත්තිකාරම් ගිණුමට, නාවික සුබසාධක අංශයට, නාවික යහසසාධක අරමුදලට අයවිය යුතු අයකිරීම් හා පරීක්ෂණ මණ්ඩල වාර්ථා අනුව අයකර ගත යුතු මුදල් පිළිවෙලින් මාස දෙකකට පෙර මාණ්ඩලික නිළධාරී (ගිණුම්), අධ්‍යක්ෂ නාවික (සුබසාධක), මුල්‍ය කළමණාකරු නිත්‍ය/ස්වේච්ඡා අරමුදල හා අධ්‍යක්ෂ නාවික පරිපාලන විසින් ජේෂ්ඨ මාන්ඩලික නිළධාරී (ගබඩා පාලන) වෙත ඉදිරිපත් කල යුතුය. ජේෂ්ඨ මාණ්ඩලික නිළධාරී (ගබඩා පාලන) විසින් එම සියලු අයකර ගැනීම් එක් වාර්ථාවක් ලෙස සකස් කර අදාල නාවික පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමට මසකට පෙර අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) වෙත ඉදිරිපත් කල යුතුය.

ආ. නාවික පුද්ගලයින් සදහා පහත දක්වා ඇති අංශයන් වෙතින් ණය මුදල් නිකුත් කිරීමේදී ඔවුන් විශ්‍රාම ගැන්වීමට මාස 03 කට පෙර අවසන් වාරික මුදල ගෙවීයන පරිදි ණය මුදල් නිකුත් කිරීමට කටයුතු කල යුතුය.

(1)       නාවික ගිණුම් අංශය

(2)       නාවික සුබසාධක අංශය

(3)       නිත්‍ය/ස්වේච්ඡා යහසාධක අරමුදල

ඇ.        රජයට අයවිය යුතු මුදල් පාරිතෝෂිකයෙන් අයකර ගැනීම් සම්බන්ධයෙන් කැමැත්ත පලකර විශ්‍රාමික නාවික පුද්ගලයා විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කලයුතු අතර, එම දිවුරුම් ප්‍රකාශය මාසික විශ්‍රාම වැටුප් ප්‍රදානය හා විශ්‍රාම පාරිතෝෂිකය ලබා ගැනීමේ අයදුම්පත සමග ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුය.

ඈ.        මෙලෙස ගෙවීම් කරනු ලබන පරිවර්ථිත පාරිතෝෂිකය වසර 10 ක් පුරා විශ්‍රාම වැටුපෙන් 10% ප්‍රතිශතයක් බැගින් අඩුකර ගන්නා අතර, එම වසර 10 අවසානයේ පරිවර්තනයට පෙර මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාට ගෙවීම් කරනු ලැබේ. මේ සදහා විශ්‍රාමිකයා අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වී කටයුතු කල යුතුය.

 

අ.         නිළධාරීන්/ නාවිකයින්ගේ විශ්‍රාම වැටුප සකස් කිරීම සදහා උපයෝගී කර ගන්නා විශ්‍රාම වැටුප් ප්‍රතිශත වගුව


සේවා කාලය

නිළධාරීන් %

නාවිකයින් %

10

55

-

11

56

-

12

57

60

13

58

61

14

59

62
15

60

63
16

61

64

17

62

65
18

63

66

19

64

67

20

65

68

21

66

69
22

67

70
23

68

71

24

69

72

25

70

73
26

71

74

27

72

75

28

73

76
29

74

77
30

75

78

31

77

80

32

79

82
33

81

84

34

83

86

35

85

88


ආ. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් 06/2010 චක්‍රලේඛයට අනුව නිළධාරීන්/ නාවිකයින්ගේ විශ්‍රාම වැටුප සකස් කිරීම සදහා උපයෝගී කර ගන්නා විශ්‍රාම වැටුප් ප්‍රතිශත වගුව.

සේවා කාලය

නිළධාරීන් %

නාවිකයින් %

10

55

-

11

56

-

12

57

60

13

58

61

14

59

62

15

60

63

16

61

64

17

62

65

18

63

66

19

64

67

20

65

68

21

66

69

22

85

85

 


සැ:යු :-         2009 මැයි මස 19 වන දින සේවයේ යෙදී සිටි වසර 22 ක ගණනීය සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගනු ලබන නාවික පුද්ගලයින් හට සහ එම දිනට ප්‍රථම එහෙත් වසර 05 ක් ක්‍රියාන්විත රාජකාරී කාලසීමාවක් ඇතිව විශ්‍රාම ගොස් සිටින නාවික පුද්ගලයින් හට අංක 06/2010 දරණ විශ්‍රාම වැටුප් චක්‍රලේඛය ප්‍රකාරව විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන අතර, ඉහත ගණයට අයත් නොවන සහ 2010 මැයි මස 19 වන දිනෙන් පසුව නාවික සේවයට බැදෙන නාවික පුද්ගලයින්ට ඉහත 06 (අ) විශ්‍රාම වැටුප් ප්‍රතිශත වගුව අනුව විශ්‍රාම වැටුප ගණනය කරනු ලබයි.

ඉහත වගුව අනුව වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ලබන්නන්ට 85% ක පුර්ණ විශ්‍රාම වැටුපක් ද, අනිවාර්ය විශ්‍රාම ගැනීමේ කාලය (අවු. 20 සහ 15) සම්පුර්ණ කල පසුව 15% ක අතිරේක ප්‍රතිශතයක් එකතුකර විශ්‍රාම වැටුප ගණනය කරනු ලබයි.

ඇ. නිළධාරීන් * තම ඉල්ලීම අනුව විශ්‍රාම ගැනීමට අවසර ලබාගත් විට නිළයේ රැදි සිටිය යුතු අනිවාර්ය කාලසීමාව අනුව පහත සදහන් පරිදි ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිශතය නැවත 95% සහ 90% වශයෙන් යම් අඩු කිරීමක් මත ගණනය කිරීම සිදුකරනු ලබයි.

නිළය උපරිම සේවා කාළය අනිවාර්ය විශ්‍රාම ගැනීමේ දිනය අවු 02 ක් ඇතුලත තිබේනම් 100% අනිවාර්ය විශ්‍රාම ගැනීමේ දිනය අවු 03 ක් ඇතුලත තිබේනම් 95% අනිවාර්ය විශ්‍රාම ගැනීමේ දිනය අවු 03 ක් ඇතුලත තිබේනම් 90 %
උ/ලුතිනන් 6 4-6 3-4 3 අඩු
ලුතිනන් 11 9-11 8-9 8 අඩු
ලුතිකොමා 10 8-10 7-8 7 අඩු
කොමාණ්ඩර් 8 6-8 5-6 5 අඩු
කපිතාන් 5 3-5 2-3 2 අඩු
කොමදෝරු 4 2-4 1-2 1 අඩු
රියර් අද්මිරාල් 3 1-3 1 අඩු අදාල නොවේ

සැ:යු :    වයස අවු 50 වන විට කොමාණ්ඩර් නිළයට උසස් නොවීම මත හා වයස අවු 55 සම්පුර්ණ කර විශ්‍රාම ගන්නා නිළධාරීන්ට ඉහත 6 වන ඡේදයේ සදහන් අඩු කිරීම් අදාළ නොවේ


අ. නිළධාරීන්

උදාහරණ :- වසර 22 කට වැඩි සේවා කාලයක් ඇති නිළධාරියෙකුගේ විශ්‍රාම වැටුප සහ පරිවර්ථිත පාරිතෝෂිකය ගණනය කිරීම. (විශ්‍රාම වැටුප් චක්‍රලේඛය 06/2010 ප්‍රකාරව විශ්‍රාම වැටුප ගණනය කර ඇත)

(1)      විශ්‍රාම වැටුප් දීමනා

විශ්‍රාම යන දිනට මාසික ඒකාබද්ධ වැටුප

රු.  40,000.00

සලාක දීමනාව

රු.  16,138.20

සුදුසුකම් වැටුප

රු.       637.50

විශ්‍රාම වැටුප ගණනය සදහා දල වැටුප

රු.  56,775.70

(සලාක දීමනාව වාර්ෂිකව වෙනස් වේ)

සේවා කාලය අනුව පරිවර්ථනයට පෙර හිමි ප්‍රතිශතය = 85%

 

පරිවර්ථනයට පසු මාසික විශ්‍රාම වැටුප :

56,775.70 x 85
                   100

= රු.     48,259.78

පරිවර්ථනයට පසු මාසික විශ්‍රාම වැටුප :

56,775.70 x 75
                  100

= රු.     42,581.78

පරිවර්ථිත පාරිතෝෂිකය

56775.70 x 85x 24
                  100

= රු.1,158,224.28

 

සැ:යු : තවද විශ්‍රාමික නිළධාරියාගේ ඉල්ලීම මත විශ්‍රාම ගැනීම හේතුවෙන් තමා සිටින නිළයේ සම්පුර්ණ කළයුතු අනිවාර්ය කාලසීමාව සම්පුර්ණ නොකිරිම හේතුවෙන් ඔහුට හිමි විශ්‍රාම වැටුප් ප්‍රතිශතය වෙනස් වන අතර ඉහත උදාහරණයෙහි සදහන් විශ්‍රාම වැටුපෙන් 95% ක් සහ 90% ක් වශයෙන් විය යුතුය.

යමි නාවික පුද්ගලයෙකු විශ්‍රාම ගනු ලැබු පසු ඔහුහට හිමි පරිවර්ථිත පාරිතෝෂිකය ගෙවිමි කරනු ලබන අතර එම ගෙවිමි කරනු ලැබු පාරිතෝෂික මුදල විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුපෙන් වසර 10 ක් පුරා 10% ප්‍රතිශතයක් බැගින් අයකර ගනු ලබයි. එම කාල සිමාවේදි විශ්‍රාමිකයා වෙත ගෙවිමි කරනු ලබන්නේ පරිවර්තනයට පසු විශ්‍රාම වැටුප වන (75%) අතර වසර 10 අවසානයේ පරිවර්තනයට පෙර (85%) මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාට ගෙවීම් කරනු ලැබේ. මේ සදහා විශ්‍රාමිකයා විසින් ඔහුට හිමි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වී කටයුතු කල යුතුය.

තවද යමි නාවික පුද්ගලයෙකු පරිවර්තිත පාරිතෝෂික මුදල ලබා නොගන්නේ නමි ඔහු හටවිශ්‍රාම ගිය දින සිට පරිවර්තනයට පෙර (85%) මාසික විශ්‍රාම වැටුප ගෙවිමි කරනු ලැබේ.

ආ. නාවිකයින්

උදා: විශ්‍රාම වැටුප් දීමනා

විශ්‍රාම යන දිනට මාසික ඒකාබද්ධ වැටුප

රු. 19,970.00

සලාක දීමනාව

රු. 14,213.70

සුදුසුකම් වැටුප

රු.      425.00

නැවත සේවයට බැදීමේ වැටුප

රු.      300.00

ය.හැ.ලාං. දීමනාව

රු.      204.00

විශ්‍රාම වැටුප ගණනය සදහා දල වැටුප

රු. 35,112.70

(සලාක දීමනාව වාර්ෂිකව වෙනස් වේ)

සේවා කාලය අනුව පරිවර්ථනයට පෙර හිමි ප්‍රතිශතය = 85%

පරිවර්ථනයට පෙර මාසික විශ්‍රාම වැටුප

35,112.70 x 85
                   100

=රු. 29,845.80

පරිවර්ථනයට පසු මාසික විශ්‍රාම වැටුප

35,112.70 x 75
                   100

= රු. 26,334.52

පරිවර්ථිත පාරිතෝෂිකය

35,112.70 x 85x 24
                   100

= රු. 716,299.08

සැ:යු : යමි නාවික පුද්ගලයෙකු විශ්‍රාම ගනු ලැබු පසු ඔහුහට හිමි පරිවර්ථිත පාරිතෝෂිකය ගෙවිමි කරනු ලබන අතර එම ගෙවිමි කරනු ලැබු පාරිතෝෂික මුදල විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුපෙන් වසර 10 ක් පුරා 10% ප්‍රතිශතයක් බැගින් අයකර ගනු ලබයි. එම කාල සිමාවේදි විශ්‍රාමිකයා වෙත ගෙවිමි කරනු ලබන්නේ පරිවර්තනයට පසු විශ්‍රාම වැටුප වන (75%) අතර වසර 10 අවසානයේ පරිවර්තනයට පෙර (85%) මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයාට ගෙවීම් කරනු ලැබේ. මේ සදහා විශ්‍රාමිකයා විසින් ඔහුට හිමි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වී කටයුතු කල යුතුය.

තවද යමි නාවික පුද්ගලයෙකු පරිවර්තිත පාරිතෝෂික මුදල ලබා නොගන්නේ නමි ඔහු හටවිශ්‍රාම ගිය දින සිට පරිවර්තනයට පෙර (85%) මාසික විශ්‍රාම වැටුප ගෙවිම් කරනු ලැබේ.