ජාතික ශිෂ්‍ය භට බලකා නිලධාරීන් සහ සිවිල් වෛද්‍ය නිලධාරීන් සදහා මාසික වැටුප් හා දීමනා ගෙවීම් කිරීම


ජාතික ශිෂ්‍යභට බලකායට අයත් නිලධාරීන් නාවික හමුදාවේ උපදේශක රාජකාරීන් සදහා බදවා ගනු ලබන අතර, මොවුන් හට යුධ හමුදා නිලයන් හිමිවේ. මෙම නිලධාරින් රජයේ පාසල් වල ගුරුවරුන් වශයෙන් කටයුතු කරන අතර, එම පාසල් වලින් ජාතික ශිෂ්‍යභට බළකායේ උපදේශක රාජකාරීන් සඳහා බඳවාගෙන ඇත. ඔවුන් ජාතික ශිෂ්‍යභට බළකායට බඳවා ගන්නා ලද යුධ හමුදා නිලයට අදාළ වැටුප් හා දීමනා නාවික හමුදාව මගින් ගෙවිම් කරනු ලබයි.

නාවික හමුදා සේවය සදහා සිවිල් වෛද්‍යවරුන් ආකාර දෙකකට නාවික හමුදාව වෙත බදවා ගනු ලැබේ.

අ. සම්පූර්ණ වැටුප් හා දීමනා නාවික හමුදාව මගින් ගෙවිම් කිරීමේ පදනම මත
ආ. අමතර රාජකාරී දීමනාව සහ 1/20 දීමනාව පමණක් නාවික හමුදාව මගින් ගෙවිම් කිරීමේ පදනම මත.

• සම්පූර්ණ වැටුප් හා දීමනා නාවික හමුදාව මගින් ගෙවිම් කිරීමේ පදනම මත

මෙම පදනම මත නාවික හමුදාව වෙත බදවා ගනු ලබන සිවිල් වෛද්‍ය නිලධරීන් වෙත සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවිම් කරනු ලබන වැටුප් හා දීමනාව නාවික හමුදාව මගින් ගෙවිම් කරනු ලබන අතර, මොවුන් පූර්ණ කාලීනව නාවික හමුදාව වෙත සේවය කරනු ලබයි.

• අමතර රාජකාරී දීමනාව සහ 1/20 දීමනාව පමණක් නාවික හමුදාව මගින් ගෙවිම් කිරීමේ පදනම මත.

මෙම පදනම මත නාවික හමුදා සේවයට බදවා ගනු ලබන සිවිල් වෛද්‍යවරුන් වෙත වැටුප් හා දීමනා ගෙවීම් කිරීම සෞඛ්‍යය අමාත්‍යංශය මගින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාව තුළ සිදුකරනු ලබන අමතර රාජකාරී සහ සතිඅන්තයන්හි/ රජයේ නිවාඩු දිනයන්හි සිදුකරනු ලබන රාජකාරී වෙනුවෙන් 1/20 දීමනාවන්ට අදාළ මුදල් පමණක් නාවික හමුදාවෙන් ප්‍රේෂණපතක් මගින් ගෙවිම් කිරීමට කටයුතු කරනු ලබයි.


සිවිල් වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනා සහ 1/20 දීමනා සැකසීම


අ.

ප්‍රාථමික ශ්‍රේණිය

රු. 335.00 (පැයකට)

ආ.

දෙවන ශ්‍රේණය

රු. 383.00 (පැයකට)

ඇ.

පළමු ශ්‍රේණිය

රු. 528.00(පැයකට)

ඈ.

පරිපාලන - නියෝජ්‍ය ශ්‍රේණිය

රු. 396.00 (පැයකට)

ඉ.

පරිපාලන - ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය

රු. 564.00 (පැයකට)

ඊ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේණිය

රු. 628.00 (පැයකට)

උ.

විශේෂඥ වෛද්‍ය ශ්‍රේණිය

රු. 628.00 (පැයකට)

වෛද්‍ය නිලධාරීන් සදහා ලිත් මසකට උපරිමය දින 03 කට යටත්ව රජයේ නිවාඩු දිනයන්හි පැය 06 කට නොඅඩු අඛණ්ඩ සේවයක් කිරීම වෙනුවෙන් මෙම දීමනාව ගෙවිම් කරනු ලැබේ. රජයේ නිවාඩු දිනයන්හිදී සහ සති අන්ත වල වෛද්‍ය නිලධාරීන් රාජකාරී යොදවා ගැනීමේ සේවා අවශ්‍යතාවය මත මෙම දීමනාව ගෙවීම් කරනු ලැබේ. මෙම දීමනාව ලබාගැනීම සදහාද විධාන වෛද්‍ය නිලධාරී මගින් ප්‍රාදේශීය බලධාරීගේ නිර්දේශය මත නාවික හමුදා වැටුප් අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.