බැංකුව වෙත මුදල් බැර කිරීම
1. පහත සදහන් ලිපි ලේඛන අණදෙන නිලධාරීගේ නිර්දේශයන් සහිතව ආවරණ ලිපියක් මගින් නාවික වැටුප් හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂමූලය වෙත ඉදිරිපත් කලයුතුය.
| • |
නිසි ලෙස සම්පුර්ණ කරන ලද බැංකුව වෙත මුදල් බැර කිරීමේ ආකෘතිපත. (බැර කලයුතු මුදල පැහැදිලිව සඳහන්ව). |
| • |
සහතික කරන ලද නව බැංකු ගිණුම් පාස්පොතේ ඡායාස්ථික පිටපත හෝ Smart Account බැංකු ගිණුමක් නම් ඒ බව තහවුරු කිරීමේ ලිපිය. (නම, ගිණුම් අංකය හා ශාඛා අංකය පැහැදිලිව සඳහන්ව). |
| • |
මේ වන විට මාසික වේතනය ප්‍රේෂණය කරනු ලබන බැංකු ගිණුම යටතේ කිසිදු ණය මුදලක් ලබා ගෙන නොමැති බවට සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත. (බැංකු ගිණුම් අංකය, කළමණාකරුගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව). |
| සැයු: |
තනි පුද්ගල බැංකු ගිණුම් පමණක් ඉදිරිපත් කල යුතුය.(ධන යෝජන තැන්පතු ගිණුම්, හවුල් ගිණුම්, බාලවයස්කාර බැංකු ගිණුම් අදිය සලකා බලනු නොලැබේ). |
|
මාසික වේතනය බැර කළ හැක්කේ උපරිම බැංකු ගිණුම් දෙකක් සදහා පමණි. |
බැංකු මගින් ණය ලබා ගැනීම
2. වැටුප පදනම් කරගෙන ණය ලබා ගැනීමේ දී ආයතන සංග්‍රහයේ XXIV වෙනි පරිච්ජේදය ප්‍රකාරව 40% ණය සීමාවට යටත්ව ණය ඉල්ලුම් කල යුතු අතර, ඊට අදාල ක්‍රියාපිලිවෙත පහතින් දක්වා ඇත. (ආයතන සංග්‍රහයේ XXIV වෙනි පරිච්ජේදය ඇතුලත්කර ඇත)
| • |
ණය ලබා ගැනීමට යෝජිත බැංකුව වෙත වැටුප හෝ ඊට අදාල ණය වාරිකය බැංකුව වෙත බැර කල යුතුයි. |
| • |
පවතින ගිණුම යටතේ මේ වන විටත් ණය මුදලක් ලබාගෙන තිබියදී තවත් ණය මුදලක් එම ගිණුම යටතේ ලබාගැනීමේ දී පවතින ණය මුදල යෝජිත ණය මුදල ප්‍රධානයේ දී සමිපුර්ණයෙන් අයකරගන්නා බවට බැංකුව විසින් ලිඛිතව දැනුම්දිය යුතුයි. |
| • |
මුදල් බැර කිරීම සදහා ඉහත අංක 1 යටතේ සදහන් ක්‍රියාපිලිවෙත අනුගමනය කල යුතුයි. |
| • |
ණය මුදලට අදාල ණය වාරිකය බැංකුව විසින් නිකුත්කරනු ලබන මුදල් රෙගුලාසි පෝරමයේ සදහන් කර තිබීම අනිවාර්‍ය වන අතර, එසේ සදහන් කර නොමැතිව ශේෂ වැටුප වශයෙන් සදහන් කර ඇති අවස්ථාවන්හිදි අයදුම්පත ප්‍රතික්ෂේප වනු ඇත. එහි සදහන් පරිදි ණය වාරිකය, අයදුම්කරුගේ අත්සන, බැංකු කලමණාකරුගේ අත්සන සහ බැංකුවේ නිල මුද්‍රාව සදහන් විය යුතුය. |
| • |
ණය මුදලට අදාල ණය වාරික මුදල බැංකුව වෙත අඛණ්ඩව බැර කරන බවට ස්ථිර තහවුරුවක් වැටුප් කාර්යාලය මගින් බැංකුව වෙත ලබාදිය යුතු බැවින් ඒ සදහා මුදල් රේගුලාසි පෝරමයක් භාවිතා කරනු ලබන අතර, මෙම මුදල් රෙගුලාසි පෝරමය අණදෙන නිලධාරිගේ නිර්දේශය සහතිව ආවරණ ලිපියක් මගින් ඉදිරිපත් කල යුතුය. |
ණය වාරික බැර කිරීම නතර කිරීම /ගිණුම් වෙනස් කිරීම/බැංකු ශාඛා වෙනස් කිරීම
3. ණය වාරික බැරකිරීම නතර කිරීම සදහා ලබාගත් ණය මුදල ගෙවා අවසන් බවට ගිණුම පවතින බැංකු කළමණාකරු වෙතින් ලිපියක් මගින් තහවුරු කල යුතුය.
4. ගිණුම් වෙනස් කිරීමේ දී උපරිම වශයෙන් ගිණුම් 03 ක් සදහා වැටුප බැර කල හැකි අතර පවතින ගිණුම් මගින් ණය මුදල් ලබාගෙන ඇති විටදී හෝ ණය මුදල ගෙවා අවසන් කර ඒ බව නිසි පරිදි වැටුප් කාර්යාලය වෙත දන්වා නොමැති විටදී ගිණුම වෙනස්කල නොහැකි අතර ඒ සදහා ඉහත අංක 03 යටතේ දක්වා ඇති පරිදි ලිපියක් ඉදිරිපත් කල යුතුය.
5. ගිණුම පවතින බැංකු ශාඛාව වෙනස් කිරීමේ දී පවතින බැංකු ශාඛාව මගින් හෝ යෝජිත ශාඛාව මගින් ගිණුම එම ශාඛාව යටතේ පවත්වාගෙන යන බවට ලිපියක් ඉදිරිපත් කල යුතුයි. (ණය මුදලක් ලබාගෙන ඇති අවස්ථාවන්හිදි මෙය සිදුකල නොහැක)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නාවික පුද්ගලයින් ලබා ගන්නා ණය මුදල් සඳහා ණය වාරික අයකිරිම
නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින් විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ණය මුදල් ලබා ගත් විට ඔවුන්ගේ මාසික වේතනයෙන් ණය වාරික අයකර එවන ලෙස එම අධිකාරිය මගින් නාවික හමුදා වැටුප් අංශය වෙත ලිඛිතව දැනුම් දීමක් සිදු කරයි. එවැනි අවස්ථාවන් වලදි නාවික පුද්ගලයාගේ වැටුපෙන් ණය වාරික අයකර නිවාස සංවර්ධන අධිකාරියේ ශාඛාවන් මගින් වෙනත් බැංකුවල ඔවුන්ගේ නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත ණය වාරික බැර කර ඒ බව අදාළ ශාඛාවන් වෙත ලිපියක් මගින් දැනුවත් කිරිමට කටයුතු කරනු ලබයි.