රජයේ චක්‍රලේඛ


චක්‍රලේඛ
දිනයවිස්තරයඅංකයබලන්න
1987-03-12 ශ්‍රි ලංකා නාවික හමුදා නි‍යෝග 0505 අනුව නාවික පුද්ගලයින්ගේ දඩුවමි වාර්තා ඉදිරිපත් කිරිමෙ ක්‍රමවෙදය NAHA 05 View
1987-09-19 ලඝුනඩු වාර්තා NAHA 05 View
1998-01-13 නාවික වරදවල් වලදි සේවය අත්හිටුවිමට අදාලව වැටුප් අත්හිටුවිම හා ඊට අදාල කොන්දේසි ඇතලත් වැටුප් සංග්‍රහයේ සං‍‍ශෝධන ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ අති විශේෂ ගැසටි පත්‍ර අංක 1,010/1-1998/01/13 Download
2002-09-26 නොපැමිණි නාවික පුද්ගලයිනගේ මාසික වැටුප් බැංක ගිණුමි වලට බැරවිම වළක්වා ගැනිමට අදාල උපදෙස් NAHA 05 View
2004.06.07 විශේෂ ක්‍රමය යටතේ බදවාගත් නාවික පුද්ගලයින් සේවය අතහැර යාමේදි ගනු ලබන කොන්දේසි NAHA 05 View

සේවය අතහැර යන / නාවික සේවයෙන් ඉවත්ව යන නාවික පුද්ගලයින්ගේ වැටුප් හා දිමනා නැවැත්වීම සහ නැවත සේවයට පැමිණෙන නාවික පුද්ගලයින්ගේ මාසික වැටුප් හා දීමනා නැවත සකස් කිරි‍මේ ක්‍රියා පිලිවෙත


නාවික පුද්ගලයින් සේවය කරනු ලබන‍ නෞකාව හෝ ආයතනය මගින් නාවික පුද්ගලයින් නිවාඩු රහිතව කදවුරෙන් බැහැරව සිටීම,කදවුරෙන් පැන යාම හෝ සේවයට නොපැමිනියෙකු ලෙස සටහන් තැබීම සදහා නිකුත් කරනු ලබන සංඥා සහ නිමසේවා ගන්වනු ලබන නාවික පුද්ගලයින්ගේ විස්තර අදාල ලේඛනයන්හි සටහන් තබා පහත වර්ගිකරණයන්ට අනුකුලව නාවික පුද්ගලයින්ගේ මාසික වැටුප් හා දීමනා නතර කිරිමට කටයුතු කරනු ලබයි

අ.

නිවාඩු රහිතව කදවුරෙන් බැහැරව සිටින නාවික පුද්ගලයින් / කදවුරෙන් පැනයන නාවිකයින් ( AWL/JUMPSHIP)

ආ.

සේවය අතහැර යන නාවිකයින්

ඇ.

නාවික සේවයෙන් ඉවත්ව යන පුද්ගලයින්

ඈ.

වැඩ තහනමට ලක්වන/ සේවය අත්හිටුවන ලද නාවික පුද්ගලයින්

ඉ.

වෙනත් හේතුන් මත වැටුප් හා දීමනා අත්හිටුවීම

 

කිසියම් නාවික පුද්ගලයෙකුගේ අනවසරයෙන් කදවුරෙන් බැහැර වීම වැටුප් සැකසුම් ක්‍රියාවලියට පෙර දැනුම් දෙන අවස්ථාවන්හිදි වැටුප් සකස් කිරි‍මේ ක්‍රියාවලිය මගින් අත්හිටුවීමට පියවර ගැනීම

කිසියම් නාවික පුද්ගලයෙකු අනවසරෙයන් බැහැරව සිටීම වැටුප් සැකසී‍මේ ක්‍රියාවලියට පසු දින ඔවුන්ගේ වැටුප් බැංකු ගිණුම් වෙත බැර කිරීම සදහා යොමු කරන දින දක්වා අතර කාල වකවානුව තුල දැනුම්දෙන අවස්ථාවන්හිදි එම වැටුප් පරිඝණක තැටි මගින් අත්හිටුවිමට පියවර ගැනීම

රජය මගින් ප්‍රකාශිත මාසික වැටුප් හා දීමනා ගෙවීමි කරනු ලබන දින සිට ඉහත වර්ගීකරණයන් යටතේ සතියක් ඇතුලත වැටුප් අංශය වෙත ලැබෙන සංඥාවන්ට අනුව නාවික පුද්ගලයින්ගේ බැංකු ගිණුමි වෙත බැර කර ඇති මාසික වැටුප් හා දීමනා තාවකාලිකව අත්හිටුවා නැවත ගෙන්වා ගැනිමට කටයුතු කරනු ලබයි.


අ. නිවාඩු රහිතව කදවුරෙන් බැහැරවන / පැනයන නාවික පුද්ගලයින්හට නැවත වැටුප් සකස් කිරීම.

නිවාඩු රහිත‍ව කදවුරෙන් බැහැරව සිටින සහ නිසි බලධාරියෙකු‍ගේ අවසරයකින් තොරව කදවුරෙන් පැනයනු ලබන වැටුප් හා දිමනා ගෙවිම් කිරීම අත්හිටුවා ඇති නාවික පුද්ගලයින් සේවයට වාර්තා කිරීම/ භාරවීම/අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් කෙරෙන ලිඛිත දැනුම්දිම පරිදි හා අදාල යොමුවන් අවලංගු කිරීම/ කපා හැරීම වැනි අවස්ථාවන්හිදි පමණක් නැවත වැටුප් සකස් කිරීම සිදුකරනු ලබයි. මෙහිදි සම්පුර්ණයෙන්ම වැටුප් අත්හිටුවා ඇති අවස්ථාවන්හිදි අනිවාර්ය දිමනා උපයෝගි කර ගනිමින් හිග දින ගණන් සදහා වැටුප් සකස් කිරිම සිදුකරනු ලබන අතරම පරිඝණක තැටි මගින් අත්හිටුවා ඇත්නම් එම මුදල් නැවත නොගෙවු මුදල් වශයෙන් ලබාදීමට කටයුතු කිරිම සහ බැංකුවෙන් මුදල් ආපසු ගෙන්වා ඇත්නමි එම මුදල් ‍නොගෙවූ මුදලක් වශයෙන් නැවත ලබාදීමට කටයුතු කිරිම.

ආ. සේවය අතහැර යන නාවිකයින්හට නැවත වැටුප් සකස් කිරිම

සේවය අතහැර යන නිත්‍ය / ස්වේච්ඡා නාවික පුද්ගලයින් නැවත සේවය‍ට වාර්තා කිරිම / භාර වීම හෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු අදාල ලඝුනඩු ක්‍රියා පිලිවෙත අවසන් කරනු ලබන සහ අදාල දඩුවමි ක්‍රියාත්මක කිරිමෙන් පසු නොපැමිනිම ඉවත් කර මාසික වැටුප් හා දීමනා සකස් කිරිම සදහා අධ්‍යක්ෂ නාවික පුද්ගල සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය මගින් වැටුප් අංශය වෙත ලිඛිතව දැනුම දෙනු ලබන පුද්ගලයින්ගේ වැටුප් හා දීමනා නැවත සකස් කිරිම.

මෙහිදී නාවිකයා හට අවසන් වරට ගෙවිම් කල වැටුප් හා දිමනාවන්හි දත්තයන් උපයෝගි කරගනිමින් සහ කාලානූරුපීව සිදුවන්නා වූ වැටුප් සංශෝධනයන් සලකා බලා නැවත හිග වැටුප් සකස් කිරිම.

මෙලෙස වැටුප් සකස් කිරීමේදි නොපැමිණි නාවිකයින් හට ප්‍රධානය කර ඇති පහත සදහන් දඩුවම් සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතුය.

• නොපැමිණි කාලසිමාව සදහා වැටුප් හා දිමනා අහිමි කරඇති ද යන්න

• නාවික චරිත‍ශෝදනාගාර ගත කර ඇත්නම් යහපත් හැසිරිමේ ලාංඡන ප්‍රධානයන් අහිමි කර ඇත්ද යන්න

• ගෙවල් කුලී සහන දීමනාව වැටුපට සකස් වන්නේද යන්න