වන්දි


රාජකාරියේ යෙදී සිටියදී මියගිය නාවික පුද්ගලයින්ගේ යැපෙන්නන් හට 1993 සැප්තැම්බර් මස 21 වන දිනැති අංක 22/93 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව විශේෂ වන්දි මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

මියගිය නාවික පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපතක්.

නාවික පුද්ගලයාගේ මරණ සහතිකයේ සහතික කරන ලද පිටපතක්.

යැපෙන්නන්ගේ උප්පැන්න සහතිකවල සහතික කරන ලද පිටපත් 01 බැගින්.

බැංකු පොතේ ගිණුම් අංකය සඳහන් පිටුවේ ඡායා පිටපතක්.

විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්.

පදිංචිය සනාථ කරගැනීම සඳහා ග්‍රාම නිළධාරී/ ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන ලද සහතිකය.

යැපෙන්නන්ගේ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත් 01 බැගින්.