නොගෙවන ලද වැටුප් වැටුපට ගෙවිම් කිරිම(UNPAID)


අ.   මාසික වැටුප් හා දීමනා වැටුපට ගෙවිම් කිරිමෙන් පසු වැටුප් ලබා නොගන්නා ලද නාවික පුද්ගලයින්ගේ නාම ලේඛණයන් එක් එක් ආයතනයන්ගෙන් ඉදිරිපත් කරනු ලබන නොගෙවන ලද වැටුප් විස්තරයන් සමග පරික්ෂා කර බලා එහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනිමෙන් පසු ඊළග මස වැටුපට ගෙවිම් කරනු ලබයි.


අා.  2015 නොවැමිබර් මස 09 වන දිනැති අංක නාහ 5 දරණ නාවික හමුදාධිපතිගේ සංදේශය මගින් නාවික පුද්ගලයින්ගේ මාසික වැටුප් හා දිමනා ගෙවිමි කිරිම සමිබන්ධයෙන් උපදෙස් ලබා දි ඇත.

ඇ.   මාස 02 ට වැඩි කාලයක් අඛණ්ඩව නොගෙවන ලද වැටුප් ලෙස ඉදිරිපත් කර ඇති නාවික පුද්ගලයින්ගේ නාම ලේඛණය භාරකාර නිළධාරි මානව දත්ත කළමණාකරණ පද්ධතිය වෙත ඉදිරිපත් කර ලබාගන්නා තොරතුරු සහ ආයතන නෞකා / යාත්‍රා මගින් ඉදිරිපත් කර ඇති හේතු පදනම් කරගෙන 2011 අප්‍රේල් මස 08 වන දිනැති අංක පිබි 9 දරණ අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) ගේ තාවකාලික සංදේශයේ ‘අ’ ප්‍රකාරව වැටුප් හා දීමනා ගෙවිම තාවකාලිකව අත්හිටුවිමට කටයුතු කෙරේ.

අඩ වැටුප් සකස් කිරිම (MATERNITY LEAVE)


2005 ජුලි මස 07 වන දිනැති අංක නාහ 5 දරණ නාවික හමුදාධිපති‍ගේ සංදේශයට අනුව සෑම සජීවි දරුඋපතක් වෙනුවෙන් ප්‍රසුත නිවාඩු ලබා ගන්නා නිත්‍ය හා ස්වේච්ඡා කාන්තා නාවික පුද්ගලයින් හට පහත සදහන් පරිදි වැටුප් හා දීමනා ගෙවිම් කරනු ලබයි.

අ. දරුවා ලැබුණු දින සිට පළමු දින 84 ක නිවාඩුව (සති අන්ත සහ රජයේ නිවාඩු හැර) සදහා සම්පුර්ණ වැටුප් හා දීමනා සකස් කිරිම.

ආ. දෙවන දින 84 ක නිවාඩුව (සති අන්ත සහ රජයේ නිවාඩු ඇතුලත්ව) සදහා අඩ වැටුප් හා දීමනා සකස් කිරිම.

ඇ. තෙවන දින 84 ක නිවාඩුව (සති අන්ත සහ රජයේ නිවාඩු ඇතුලත්ව) වැටුප් සැකසීමක් සි‍දු නොකෙරේ.

ප්‍රසුත නිවාඩු අයදුම් කිරිමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ අණදෙන නිලධාරි මගින් ලිඛිතව අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) වෙත දැනුම්දිය යුතුය.

තවද වෙනත් හේතුන් මත නාවික හමුදාධිපති විසින් නම් කරන ලද නාවික පුද්ගලයින් සදහාද නාවික හමුදා වැටුප් සංග්‍රහයට අනුව අඩ වැටුප් ගෙවනු ලබයි.

උදා - තාවකාලික සේවය අත්හිටුවනු ලබන නාවිකයින් (Suspend sailors)