ශ්‍රී ලංකා නාවික හමුදා නිත්‍ය/ස්වේව්ඡා හා නිත්‍ය නාවික උප සේවයේ / ස්වේව්ඡා නාවික උප සේවයේ නිලධාරින් සහ නාවිකයින්ගේ වැටුප් හා දිමනා ගෙවිමි කිරිමි සමිබන්ධව වන නියෝග මාලාව 1993 මාර්තු මස 11 වන දිනැති අංක 757/10 දරණ ගැසටි පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය 1982 ශ්‍රී ලංකා නාවික හමුදා වැටුප් සංග්‍රහය නමින් හැදින්වේ. මෙය 1982 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වෙයි.

මෙහි නිලධාරින්ගේ නිලයන් සහ නාවිකයින්ගේ තරාතිරමි වලට අනුව එක් එක් ආරමිභක වැටුප් පරිමාණයන් සහ එම නිලයන් / තරාතිරම් වලට අදාල වන වැටුප් වර්ධකයන්ද සමගින් දක්වා ඇති අතර මෙය වරින් වර වැටුප් හා සංඛ්‍යා ලේඛණ කමිටුව මගින් රාජ්‍ය භාණ්ඩාගාරයේ එකගත්වය මත නිකුත් කරන චක්‍රලේඛයක් මත සංශෝධනය වෙයි. වර්තමානයේ කළමණාකරන සේවා චක්‍රලේඛ 03/2016 ට අනුව 2016 ජනවාරි මස 01 වන දින සිට ඒකාබද්ධ වැටුප් සකස් කිරිම සිදු කරනු ලැබේ.

තවද මෙහි නිලධාරින්ගේ සහ නාවිකයින්ගේ වැටුප් හා දිමනා ගෙවිම් කිරිම සමිබන්ධයෙන් සවිස්ථරාත්මකව දක්වා ඇති අතර ඒකාබද්ධ වැටුප පදනමි කර ගනිමින් වැඩ බැලිමේ වැටුප, විධාන දිමනාව සහ ප්‍රභු ආරක්ෂක දිමනාව ගෙවිම් කරනු ලබයි.

 

නාවික හමුදා වැටුප් සංග්‍රහයට අනුව එක් එක් නිලධාරියා/නාවිකයා තම නිලයට/තරාතිරමට අදාල වන වැටුප් තලයේ ඔහුට හිමි වැටුප මත පිහිටු වනු ලැබිම එම නිලධාරියා/නාවිකයාගේ ඒකාබද්ධ වැටුප ලෙස හදුන්වයි මුලික වැටුප සදහා ඔහු වෙත හිමි වන වෙනත් කිසිදු දිමනාවක් අයත් නොවේ. මේ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ VII වන පරිචිජේදය අදාල වේ.



ශ්‍රි ලංකා නිත්‍ය සහ ස්වේචිඡා නාවික හමුදාවට නිලධාරින් බදවා ගත් බවට නාවික පොදු සංඥාවක් නිකුත් විමෙන් පසුව නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි(බදවා ගැනිම්) වෙතින් එවනු ලබන ලේඛණය පදනමි කර ගනිමින් ඔවුන්ගේ ඒ ඒ නිලයන්ට අදාලව මුලික වැටුප් තලයේ තැබිය යුතුය.(නාවික හමුදා වැටුප් සංග්‍රහයේ දක්වා ඇති පරිදි එම නිලයට අදාල මුලික වැටුප) ඒ සමගම පහත දක්වා ඇති ස්ථිර දිමනාවන් වැටුපට එකතු කල යුතු අතර දක්වා ඇති ස්ථිර අඩු කිරිම්ද අඩු කල යුතුය. තවද කළමණාකරන සේවා චක්‍රලේඛ 03/2016 ට අනුව ඒකාබද්ධ වැටුප පදනම් කරගෙන ගැලපුම් දිමනාවක් ගෙවනු ලබයි.

I.

ජිවන වියදමි දිමනාව

රු. 7800.00

II.

නිල ඇදුමි දිමනාව

කොමදෝරු සහ ඊට ඉහළ නිලයන් සඳහා රු. 600.00 / කපිතාන් සහ ඊට පහළ නිලයන් සඳහා රු 525.00

III.

අමතර දිමනාව

රු. 1000.00

IV.

විශේෂ අමතර දිමනාව

රු. 3000.00

V.

විශේෂ අමතර දිමනාව 2022

රු. 5000.00

I.

ක්‍රිඩා සදහා අයකර ගැනිම්

රු. 200.00

II.

නාවික හමුදා සංගමය

රු. 20.00

III.

ආගමික
බෙෳද්ධ
හින්දු
ඉස්ලාම්
කතෝලික


රු. 100.00
රු. 100.00
රු. 100.00
රු. 150.00

IV.

සදහිරු සෑය සදහා

රු. 10.00

V.

සුභසාධක අරමුදල

රු. 100.00

VI.

නාවික සමාජ මෙහෙවර අරමුදල

රු. 75.00

VII.

වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල අය කිරිම

ඒකාබද්ධ වැටුපෙන් 7%

VIII.

දළ වැටුපට අනුව රජයේ අනුමත මුද්දර ගාස්තු අය කිරිම.

 

ශ්‍රි ලංකා නිත්‍ය/ ස්වේව්ඡා නාවික හමුදාවට බදවා ගන්නා ලද ශිල්පිය/ ශිල්පිය නොවන අංශයන්ට අයත් නාවිකයන් සදහා වැටුප් සැකසිම සිදු කෙරේ. ‍මෙහිදි නාහමු වෙතින් ඉදිරිපත් කරනු ලබන නාම ලේඛණයේ සදහන් දත්තයන් නිවැරදි යැයි පදනමි කර ගනිමින් අදාල නාවිකයන් හට මාසික වැටුප් සකස් කරනු ලැබේ.

නව බදවා ගැනීම් වලට අනුව ශිල්පිය මෙන්ම ශිල්පිය නොවන අංශවලට අදාල නාවිකයන් ආධුනික නැවි තරාතිරමේ මෙන්ම අනෙකුත් තරාතිරමි සදහා සෘජුවම බදවා ගැනිම සිදු කෙරේ.

බදවා ගනු ලබන ආධුනික නාවිකයන්ගේ වැටුපට පහත සදහන් පරිදි ස්ථිර දිමනා සහ ස්ථිර අඩු කිරිමි පදනමි කරගෙන වැටුප් සැකසිමේ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. තවද කළමණාකරන සේවා චක්‍රලේඛ 03/2016 ට අනුව නාවිකයින්ගේ ඒකාබද්ධ වැටුප ගෙවනු ලබයි.

I.

ජිවන වියදමි දිමනාව

රු. 7800.00

II.

නිල ඇදුමි දිමනාව

රු. 350.00

III.

අමතර දිමනාව

රු. 1000.00

IV.

විශේෂ අමතර දිමනාව

රු. 2400.00

IV.

විශේෂ අමතර දිමනාව 2022

රු. 5000.00

I.

ක්‍රිඩා සදහා අයකර ගැනිම්

රු. 150.00

II.

නාවික හමුදා සංගමය

රු. 10.00

III.

ආගමික
බෙෳද්ධ
හින්දු
ඉස්ලාම්
කතෝලික


රු. 125.00
රු. 50.00
රු. 50.00
රු. 100.00

IV.

සදහිරු සෑය සදහා

රු. 10.00

V.

සුභසාධක අරමුදල

රු. 75.00

VI.

නාවික සමාජ මෙහෙවර අරමුදල

රු. 40.00 (කණිෂ්ඨ නාවිකයින් සදහා)
රු. 55.00 (ජ්‍යෙෂ්ඨ නාවිකයින් සදහා)

VII.

වැන්දඔු / වැන්දඔු පුරුෂ හා අනත්දරු දායක මුදල අය කිරිම

ඒකාබද්ධ වැටුපෙන් 6%

VIII.

දළ වැටුපට අනුව රජයේ අනුමත මුද්දර ගාස්තු අය කිරිම.

 

යමි නිලධාරියකු නිලයක සිට ඊළග නිලයට උසස් කල බවට නිකුත් කරනු ලබන නාවික පොදු සංඥාව පදනමි කර ගනිමින් ඔහුගේ/ඇයගේ නව නිලයට හිමි වැටුප සැකසිම සිදු කෙරේ. මෙහිදි උසස්විමි හිමි දිනය අනුව හිග දිමනාවක් ඇත්නමි එයද සකස් කල යුතුය. උසස් විමකදි වැටුප් වර්ධක ලබාදෙන ආකාරය

උදා - ලුතිනන් කොමාණ්ඩර් නිලයේ සිට කොමාණ්ඩර් නිලයට උසස් වන නිලධාරියෙකු සදහා

ලුතිකොමා නිලයට උසස් වු දිනය - 2007/05/18 - 31320

2008/05/18 - 31965

2009/05/18 - 32610

2010/05/18 - 33255

2011/05/18 - 33900

2012/05/18 - 34545

2013/05/18 - 35190

2014/05/18 - 35835

කොමාණ්ඩර් නිලයට උසස් වු දිනය - 2015/03/01

උපයාගත් කාලයට අදාල මුලික වැටුප(2014/05/18-2015/03/01)- 36480

ලුතිකොමා නිලයේ සිට කොමාණ්ඩර් නිලයට වැටුප්

පරිමාව ගැලපිමෙන් පසු මුලික වැටුප - 36495

උසස් විමට අදාල මුලික වැටුප - 37285

නාවිකයින්ගේ උසස් කිරීමි වලට අදාලව වැටුප් වර්ධක ලබා දීම ද ඉහත පරිදි සිදු කෙරේ.

යමි නාවිකයෙකු උසස්වීමක් ලද අවස්ථාවක එම නාවිකයාගේ උසස්වීමට හිමි ඒකාබද්ධ වැටුප සැකසීම සිදුකිරීම සදහා ‍‍‍වෛද්‍ය පරීක්ෂණය සමත්විය යුතුය. එහෙත් උසස්වීම නිකුත් කරන සංඥාවේ හෝ සංදේශයේ වෛ‍ද්‍ය පරීක්ෂණයෙන් නිදහස් යනුවෙන් දක්වා ඇත්නමි ඹවුන්ගේ උසස්වීමට හිමි වැටුප සැකසිය යුතුය.

නාවික හමුදා මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන උසස් කිරී‍මේ සංදේශයේ හෝ නාවික පොදු සංඥාවේ නමි සදහන් නාවිකයන්ගේ අනු අංකයන් වෛද්‍ය පරීකෂණය සමත් බවට නිකුත් කෙරෙන MEDFIT සංඥාවට අනුව නාවිකයන්ගේ උසස්වීමට අදාල මුලික වැටුප සැකසිය යුතුය.

නැවි 327 වාර්තාවන් යටතේ නාවික පුද්ගලයින්ගේ මාසික වේතනයට ගෙවනු ලබන දීමනා සහ එම දීමනා සකස් කරනු ලබන පිලිවෙත



1. ආයතන/ නෞකා සහ යාත්‍රාවන් වෙතින් වැටුප් සකසන මාසයට පෙර මාසයෙහි දින ගණන් පදනම් කරගනිමින් සෑම මසකම නාවික වැටුප් කාර්යාල‍ය විසින් ලබාදී ඇති දිනට නැවි 327 වාර්තාවන් මාර්ගගත නැව් 327 පද්ධතිය මගින් අණදෙන නිලධාරින්/ අණභාර නිලධාරින්ගේ නිර්දේශ කිරීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන අතර, එම වාර්තාවන් මගින් පහත සඳහන් දීමනාවන් දක්වා ඇති සංකේත අංක යටතේ ගෙවිම් කරනු ලැබේ.

මෙම දීමනාව ආහාරයෙන් බැහැරව සිටින සහ නිවාඩු මත බැහැරව සිටින නිලධාරින්/ නාවිකයින් සදහා ගෙවනු ලබයි. මෙහි අගයන් වාර්ෂිකව වෙනස් වේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් 2023 වර්ෂය සදහා අනුමත කර ඇති දිනක සලකා දීමනාව පහත සදහන් පරිදි වේ.

i. සංකේත අංක 606/ 606A - නිලධාරින් සදහා රු. 1161.56
ii. සංකේත අංක 605/ 605A - නාවිකයින් සදහා රු. 967.53

මෙම දිමනාවට හිමිකම් ලබනුයේ ස්ථීර ආයතනයකට (ක්‍රියාන්විත නොවන ප්‍රදේශයකට) අනුයුත්තව සිටින විවාහක නිලධාරින්/ නාවිකයින් හා තාවකාලික ආයතනයකට (ක්‍රියාන්විත ප්‍රදේශයකට) අනුයුක්තව රාජකාරි කරනු ලබන විවාහක සහ අවිවාහක නිලධාරින්/ නාවිකයින් සදහා වන අතර, ඔවුන් කදවුරේ රැදි සිටි දින ගණනට පමණක් මෙම දීමනාව ගෙවිම් කරනු ලබයි. තවද මෙම දීමනාවෙහි අගය නිලධාරින්/ නාවිකයින්ගේ විවාහක/ අවිවාහක තත්වය සහ අනුයුක්ත ප්‍රදේශය අනුව වෙනස් වේ. දැනට වැටුපට දිනකට ගෙවනු ලබන වික්ෂේපන දීමනාව පහත සදහන් පරිදි වේ.

i

සංකේත අංක

611

-

විවාහක නිලධාරින්

(තාවකාලික ස්ථාන)

රු.

40.00

ii

සංකේත අංක

610

-

විවාහක නාවිකයින්

(තාවකාලික ස්ථාන)

රු.

30.00

iii

සංකේත අංක

613

-

අවිවාහක නිලධාරින්

(තාවකාලික ස්ථාන)

රු.

25.00

iv

සංකේත අංක

612

-

අවිවාහක නාවිකයින්

(තාවකාලික ස්ථාන)

රු.

20.00

v

සංකේත අංක

614

-

විවාහක නිලධාරින්

(ස්ථීර ස්ථාන)

රු.

30.00

vi

සංකේත අංක

615

-

විවාහක නාවිකයින්

(ස්ථීර ස්ථාන)

රු.

25.00

නිලධාරියෙකු හෝ නාවිකයෙකු විදේශගතවි ඇති විට වික්ෂේපණ දීමනාව ගෙවනු නොලබන අතර සංයුක්ත දීමනාව සමග ද වික්ෂේපණ දීමනාව ගෙවනු නොලබයි.

නිලධාරින් හා නාවිකයින් ක්‍රියාන්විත ප්‍රදේශයකට අයත් ආයතන/ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන විට කඳවුරේ රැදි සිටි දින ගණන පදනම් කරගෙන මෙම දීමනාව ගෙවිම් කරනු ලබන අතර, දිනක් සදහා රු. 20.00 ක් බැගින් හිමි වේ.

නිලධාරියෙකු/ නාවිකයෙකු ක්‍රියාන්විත ප්‍රදේශයකට අයත් ආයතන/ නෞකා සහ යාත්‍රාවන්ට ස්ථීර වශයෙන්ම අනුයුක්තව රාජකාරි කරනු ලබන විට පිළිවෙලින් මසකට නිලධාරියෙකුට/ නාවිකයෙකුට රු. 4400.00 දීමනාවක් සහ රු. 3900.00 ක දීමනාවක් ද නිලධාරියෙකු/ නාවිකයෙකු ක්‍රියාන්විත ප්‍රදේශයකට අයත් ආයතන/ නෞකා සහ යාත්‍රාවන්ට තාවකාලිකව අනුයුක්තව රාජකාරි කරනු ලබන විට දිනකට පිළිවෙලින් රු. 146.66 ක දීමනාවක් සහ රු. 130.00 ක දීමනාවක් අදාල දින ගණන් සදහා පමණක් ගෙවිම් කරනු ලබයි. (1996 අගෝස්තු මස 14 සහ 2009 පෙබරවාරි මස 03 වන දිනැති අංක D/563/ET/III දරණ ලේකම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයගේ ලිපි මගින් අනුමැතිය ලබාදි ඇත)

 

නිලධාරියෙකු/ නාවිකයෙකු ක්‍රියාන්විත ප්‍රදේශයකට අයත් ආයතන/ නෞකා සහ යාත්‍රාවන්ට ස්ථීර වශයෙන්ම අනුයුක්තව රාජකාරි කරනු ලබන අවස්ථාවක මසකට රු. 500.00 ක දීමනාවක් ද තාවකාලික ක්‍රියාන්විත ප්‍රදේශයකට අයත් ආයතන/ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන විට දිනකට රු. 16.66 බැගින් අදාල දින ගණන් සදහා පමණක් ගෙවිම් කරනු ලබයි. (1998 මාර්තු මස 09 වන දිනැති අංක FD/A2/18/9 දරණ ලේකම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලිපි මගින් අනුමැතිය ලබාදි ඇත)

නාවික පුද්ගලයින් ක්‍රියාන්විත ප්‍රදේශයන්හී නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්තව සිටින දින ගනන් සදහාද ක්‍රියාන්විත ප්‍රදේශයට අයත් ආයතනයක රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයින් මුහුදු රාජකාරින්හි යෙදෙන දින ගනන් (පැය 12 කට වැඩි) සදහාද ක්‍රියාන්විත නොවන ප්‍රදේශයන්හි නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්තව සිටින නාවික පුද්ගලයින් මුහුදු රාජකාරින්හී යෙදෙන දින ගණන් (පැය 12 කට වැඩි) සදහාද අදාල දින ගණන් පදනම් කරගනිමින් මෙම දීමනාව ගෙවනු ලබයි. මෙය දිනකට රු.17.00 ක් වේ.

නිලධාරින්/ නාවිකයින් කිමිදුම් රාජකාරියෙහි යෙදි සිටින දින ගනන් සදහා පමණක් දිනකට රු. 20.00 බැගින් මෙම දිමනාව ගෙවිම් කරනු ලබයි.

මෙම දීමනාව පහත් මට්ටමක අඩු නිවාස පහසුකම් සහිත තෝරාගත් ආයතන සදහා පමණක් ගෙවිම් කරනු ලබන අතර, මෙය දිනකට රු. 6.00 ක් ව‍ශයෙන් සේවා ස්ථානයේ රාජකාරි කරනු ලබන දින ගනන් සදහා පමණක් ගෙවිම් කරනු ලබයි.

 

මෙම දීමනාව උතුරු, නැගෙනහිර, උතුරු මැද නාවික ප්‍රදේශයන් වලට සහ කල්පිටිය, ශ්‍රිලංනානෞ විජය ආයතනයට අනියුක්තව සේවය කරනු ලබන මෙන්ම එම ප්‍රදේශ වල පදිංචි වෙනත් ප්‍රදේශ වලට අනුයුක්තව සේවය කරනු ලබන නාවික පුද්ගලයින් හට එම මාසික රාජකාරින් දුම්රිය බලපත්‍ර වෙනුවට යාමට සහ ඒමට බස් ගමන් ගාස්තු ඉල්ලුම් කල හැක. මෙම දීමනාව ගෙවනු ලබන්නේ ඇතුලත විසිමට නියෝග කර ඇති නාවිකයින් සදහා පමණි. නිසි අයුරින් සම්පූර්ණ කරන ලද අයදුම්පතක් සහ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන ටිකට්පත් එම අයදුම්පතේ අලවා අණදෙන නිලධාරි විසින් සහතික කර අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අදාල දීමනාව සංකේත අංක 558 යටතේ වැටුපට ගෙවිම් කරනු ලැබේ. (2009 ‍ජනවාරි මස 15 වන දින අංක නාහ 5 දරණ නාවික හමුදාධිපතිගේ සංදේශයට අනුව අයදුම් කල හැක)

අවදානම් දීමනාව ගෙවනු ලබන්නේ මාස 6 කට වඩා වැඩි කාලයක් විශේෂ යාත්‍රා බලඝණ අංශයට අනුයුක්තව නිසි ලෙස පුහුණුව නිමකරනු ලබන නිලධාරින් හා නාවිකයින් හට පමණි. මෙම දීමනාව ගෙවිම් කිරිම සදහා 1994 ජුලි මස 12 වන දිනැති අංක D/948/SPL/NY දරණ ලේකම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයගේ ලිපිය මගින් සහ 2016.12.21 දිනැති NAHA 05 අනුමැතිය ලබාදි ඇත. පහත සදහන් පරිදි අදාල දිමනාව ගෙවිම් කරනු ලබයි.


නිලධාරින් සදහා - රු.1000.00 (සංකේත අංක 666)
නාවිකයින් සදහා - රු.750.00 (සංකේත අංක 667)

දුෂ්කර ලැගුම් දීමනාව ගෙවනු ලබන්නේ නිලධාරින් සහ නාවිකයින්ගේ මුලික පුහුණුවෙන් විසිර ගිය දිනය සහ ඉදුරාම බදවා ගන්නා නිලධාරින් සදහා අධිකාරියට පත් කරන දින සිට මෙම දිමනාව දිනකට රු. 20.00 බැගින් මසකට රු. 600.00 ක දීමනාවක් වශයෙන් ගෙවිම් කරනු ලබයි. (1988 නොවැම්බර් මස 30 වන දිනැති අංක D.563/ET දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ ලිපිය මගින් අනුමැතිය ලබා දි ඇත)

i. සංකේත අංක 601 යටතේ මූලික දීමනාව

ii. සංකේත අංක 602 යටතේ හිග දීමනාව

ඒ අනුව සියළුම නිලධාරින් සහ ආධුනික නාවිකයන්ගේ මුලික පුහුණුව සම්පූර්ණ කිරිමෙන් පසුව අදාල පුහුණු ආයතනය මගින් ඔවුන්ගේ නාම ලේඛණය නාවික වැටුප් කාර්යාලයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම දීමනාව සැකසීම සිදු කෙරේ.


1. 2016 අ‍ප්‍රේල් මස 29 වන දිනැති කළමණාකරණ සේවා චක්‍රලේක 03/2016 ට අනුව වැටුපෙහි ප්‍රතිශතයක් හෝ වැටුප මත දිමනාවක් ගෙවනු ලබන්නේ නමී එම දිමනාව 2015 දෙසැම්බර් මස 31 වන දිනට පැවති වැටුප පදනමි කරගෙන සිදු කිරිම.

2. 2010 මැයි මස 24 වන දිනැති අංක D/668/ET/T/3 දරණ රාජ්‍ය ආරක්ෂක. මහජන ආරක්ෂාව .නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්ගේ ලිපියට අනුව ප්‍රභූ ආරක්ෂක දිමනාව පහත සදහන් අංශයන්ට අනුයුක්තව සිටින නාවික පුද්ගලයන්ට ගෙවනු ලබයි.

අ.

අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක ඒකකය.

ආ.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක ඒකකය.

ඇ.

රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාගේ ආරක්ෂක මුරය.

ඈ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ ආරක්ෂක මුරය.

ඉ.

නාවික හමුදාධිපතිගේ ආරක්ෂක මුරය.

3. 2007 ජුනි මස 15 වන දිනැති අංක D/668/ET/T/2 දරණ රාජ්‍ය ආරක්ෂක. මහජන ආරක්ෂාව .නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්ගේ ලිපියට අනුව ප්‍රභු ආරක්ෂක දිමනාව මුලික වැටුපෙන් (දිමනා රහිත) 1/3කට සමාන විය යුතුය.

කිසියම් තනතුරක ස්ථිර වශ‍යෙන් දරන්නකු නොමැති වන හෝ එම තනතුරේ ස්ථිර වශ‍යෙන් දරන්නා නොපැමිණ සිටින කාලය තුල හෝ දැනට සිටින නිළයට වඩා ඉහල නිළයක වැඩ බැලිම සදහා නාවික හමුදාධිපති විසින් පත් කරනු ලැබ ඇති යම් නිළධාරියකු හට එම නිළධාරියා එම තනතුරෙහි අවම වශ‍යෙන් දෙමසක‍ට වඩා අඛණ්ඩ කාලයක් වැඩ බැලිම කර ඇත්නම් වැඩ බැලිමේ වැටුප ලබා ගැනිමට හිමිකම් ඇත.

මෙසේ ගෙවීම් කරනුයේ ඔහු විසින් එම තනතුරේ වැඩ බැලීම කරන තෙක් හෝ මීලග නිලය සදහා උසස් කිරිම යන දෙකෙන් පළමුව එළඹෙන අවස්ථාව දක්වා පමණි. වැඩ බැලිමේ වැටුප් ගෙවිම් සම්බන්ධයෙන් ආ‍යතන සංග්‍රහයේ vii පරිච්ඡේදයෙහි 12 වන වගන්තිය සහ 2018 අප්‍රෙල් මස 11 වන දිනැති අංක නාහ.5 සංදේශය අදාල ‍වේ.

ඉහත පළමු ඡේදයෙහි සදහන් සුදුසුකම සම්පුර්ණ කරන ලද නිළධාරින් මෙම දීමනාව ලබා ගැනිම සදහා නිසි මගින් නාවික හමුදාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා නාවික හමුදාධිපති අනුමත කිරිමෙන් පසුව වැටුප් අංශය මගින් මෙම දීමනාව ගෙවීම් කරනු ඇත.

විධාන දීමනාව මේ වන විට නාවික හමුදා වැ‍ටුප් සංග්‍රහයෙහි ඡේද 15 ට අනුව එකාබද්ධ වැටුපෙන් 6 % ක මුදලක් පහත දක්වා ඇති නාවික පුද්ගලයින් හට මාසිකව වේතනයට ගෙවිම් කරනු ලබයි.

අ.

නාවික හමුදාධිපති

ආ.

මාණ්ඩලික ප්‍රධානි

ඇ.

අාඥාපති,ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථාන‍ය

ඈ.

අධ්‍යක්ෂ ‍ජෙනරාල් ශ්‍රිලංකා වෙරළාරකෂ දෙපාර්තමේන්තුව

ඉ.

අධ්‍යක්ෂ ‍ජෙනරාල් මෙහෙයුම්

ඊ.

සියළුම ප්‍රාදේශිය බලධාරින්

උ.

මුහුදු ගමන්වල යෙදෙන ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් නෞකා සහ යාත‍්‍රා වල අණදෙන සහ අණභාර නිලධාරීන්

ඌ.

අණදෙන නිලධාරි 4 වන වේග ප්‍රහාරක මුරයාත්‍රා බළඝණය

එ.

බළඝණ නිලධාරි I,II,III,IV

ඒ.

නාවික දියත් විධානය (FOCNF)

ඉහත සදහන් පත්වීම්හි අ,ආ,ඇ.ඈ,ඉ,ඊ සහ ඒ හැර අනෙකුත් පත්වීම් සදහා නාවික පොදු දිකාඝ 121723 පෙබරවාරි 2016 දරන සංඥාවට ප්‍රකාරව මෙම දීමනාව සදහා අයදුම් කළ යුතු වේ.

1982 ජනවාරි මස 01 වන දින සිට ගෙවීම් කරන ලද විධාන දිමනා අගය මේ දක්වා ගෙවිම් කරනු ඇත‍.

නිළධාරින්ගේ රාජකාරි නිවාස දුරකථන,ජංගම දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතාවයන් සදහා වන බිල්පත් එම නිළධාරින් විසින්ම පෞද්ගලිකව නිරවුල් කර ගැනීම සදහා නිළධාරින්ගේ වැටුපට ගෙවීම් කරනු ලබන දීමනාව වේ.

2015 මැයි මස 20 වන දින නාහ.5 සංදේශය ප්‍රකාරව මෙම දිමනාව ගෙවීම් කරනු ලබයි.

2012 අයවැය යෝජනාවට අනුව ශ්‍රි ලංකා ඉංජිනේරු සේවයට අයත් නිළධාරින් සදහා රු.15000 ක දීමනාවක් ගෙවීම් කිරිමට අනුමැතිය ලැබි ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාවන්හි සේවය කරනු ලබන ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය හා විද්‍යාවේදි ඉංජිනේරු උපාධිය හිමි අය වෙත පමනක් මෙම දීමනාව ගෙවීම් කරනු ලබයි.

නාවික හමුදාවේහි මෙම දීමනාව ලබා ගැනිම‍ සදහා ඉහත සදහන් සුදුසුකම්ලත් නිළධාරින් නිසි මගින් නාවික හමුදාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා නාවික හමුදාධිපතිගේ අනුමැතියෙන් පසුව වැටුප් අංශය මගින් මෙම දීමනාව ගෙවීම් කරනු ලබයි.

ශ්‍රි ලංකා නාවික හමුදා වැටුප් සංග්‍රහයෙහි ඡේද 10 ට අනුව සංග්‍රහ වියදම් දීමනාව ලබා ගැනිම සදහා පහත සදහන් නිලධාරින් හට හිමිකම් ඇත.

අ. නාවික හමුදාධිපති - රු. 1275.00

ආ. සියළුම රියර් අද්මිරාල් නිළයේ නිලධාරින් සදහා - රු. 850.00

ඇ. සියළුම ප්‍රාදේශිය බළධාරින්,අධ්‍යක්ෂවරු වැඩ බලන අධ්‍යක්ෂවරු

• රියර් අද්මිරල් නිලය සදහා - රු. 850.00

• කොමදෝරු සහ කපිතාන් නිලයන් - රු. 425.00

ඈ. වෙරළබඩ ආයතනයන්හි අණදෙන නිලධාරින් / - රු. 425.00

ඉ.නෞකාවන්හි කොමාණ්ඩර් නිලයෙන් ඉහල නිලධාරින් සදහා - රු. 425.00

ඉහත සදහන් පත්වීම්හි 'අ,ආ' හැර අනෙකුත් පත්වීම් සදහා නාවික පොදු දිකාඝ 101732 මැයි 2012 දරන සංඥාවට ප්‍රකාරව මෙම දීමනාව සදහා අයදුම් කළ යුතු වේ.

• 1997.07.02 සංශෝධනය කරන ලද අගයන් මේ දක්වා ගෙවීම් කරනු ලබයි.

නාවික හමුදා මුලස්ථානය මගින් සංවිධානය කරනු ලබන නාවික හමුදාව තුල පවත්වනු ලබන පරීක්ෂන සදහා ප්‍රශ්ණ පත්‍ර සකස් කිරිම ,උත්තර පත්‍ර පරීක්ෂා කිරිම ,පරීක්ෂණයන් අධීක්ෂනය කිරිම, ප්‍රයෝගික පරීක්ෂණයන් හා පරීක්ෂණ මණ්ඩලයන් සඳහා (2019 ජූනි මස 26 වන දින නාහ.5 සංදේශය) මෙම දීමනාව ගෙවිම් කරනු ඇත.

මෙම දීමනාව ගෙවීම් කිරිම සදහා සුදුසුකම් ලබන නාවික පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ඔවුන්‍ට ගෙවීම් කලයුතු මුදලද සදහන් කර ‍‍‍ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරි (විභාග හා විෂය නිර්දේශ) විසින් වැ‍ටුප් අංශය වෙත ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව දීමනාව ගෙවිම් කරනු ඇත.

නාවිකයන් හට පමණක් ඔවුන්ගේ සේවා කාලය තුලදි තමාගේ යහපත් හැසිරිම වෙනුවෙන් මෙම දීමනාව ගෙවීම් කරනු ලබයි.මෙම යහපත් හැසිරිමේ ලංඡන දීමනාව විශ්‍රාම වැටුපට ද ගණනය කරනු ඇත.

තවද මෙම දීමනාව අයදුම් කිරිම සදහා සුදුසුකම් සම්පුර්ණ කරන නාවිකයින් නැවි 326 ආකෘතික පත් අංශභාර නිළධාරි විසින් ආයතනයේ අණදෙන නිළධාරිගේ නිර්දේශය සදහා ඉදිරිපත් කළ යුතුය. අණදෙන නිළධාරි විසින් නිර්දේශ කර ප්‍රදේශීය බලධාරි වෙත පිටපත් තුනකින් යුතුව ඉදිරිපත් කළ යුතුය. අදාල අයැදුම්පත් ප්‍රදේශිය බලධාරි විසින් අනුමත කිරිමෙන් පසු පළමු පිටපත අධ්‍යකෂ නාවික පුද්ගලටද දෙවන පිටපත අධ්‍යකෂ නාවික වැටුප් වෙත සහ තෙවන පිටපත නාවිකයාගේ සේවා සහතිකයේ බහාලීම සදහා අදාල ආයතනය වෙතද යවනු ලබයි.

එසේ අධ්‍යකෂ නාවික වැටුප් වෙත ඉදිරිපත් කරනු ලබන අයැදුම්පත් සදහා පහත සදහන් පරිදි ගෙවීම් කරනු ලබයි.

යහපත් හැසිරිමේ ලාංඡන දීමනාව

ය.හැ.ලා

I සදහා දිනකට රු. 3.00 බැගින් මසකට

රු . 90.00

ය.හැ.ලා

II සදහා දිනකට රු. 6.00 බැගින් මසකට

රු . 180.00

ය.හැ.ලා

III සදහා දිනකට රු. 9.00 බැගින් මසකට

රු . 270.00

ය.හැ.ලා

IV සදහා දිනකට රු. 15.00 බැගින් මසකට

රු . 450.00

ය.හැ.ලා

V සදහා දිනකට රු. 20.00 බැගින් මසකට

රු . 600.00

2019 ජූනි මස 18 වන දිනැති අංක MOD/DEF/GS/ALW/26 දරණ ආරක්‍ෂක අමාත්‍යන්ංශයේ ලේකම්ගේ ලිපිය ප්‍රකාරව ඉහත දක්වා ඇති පරිදි සංශෝධිත අගයන් ගෙවීම් කරනු ලැබේ.

• 2019 ජූනි මස 01 වන දින සිට සංශෝධනය කරන ලද අගයන් මේ දක්වා ගෙවීම් කරනු ලබයි

ශ්‍රිලංනාහ නියෝග 0821 අනුව නාවික හමුදාධිපති විසින් නම් කරන ලද පුහුණු කිරිමේ ආයතන වල පුර්ණ කාලීනව උපදේශක රාජකාරියෙහි නියුතු වන නිළධාරින් / නාවිකයින්හට පහත පරිදි උපදේශක වැටුප මාසිකව ගෙවීම් කරනු ලබයි. ආර්ධ කාලිනව උපදේශක රාජකාරින් හි නියුතුවන නාවිකයින් සදහා එසේ හිමිවන අග‍යෙන් අඩක් සදහා පමණක් හිමිකම් ලබනු ඇත.

පුහුණු කිරිමේ ආයතනයේ ආඥාපති/අණදෙන නිළධාරි

රු. 680.00

පුහුණු කිරිමේ ආයතනයේ අනෙකුත් නිළධාරින්

රු. 595.00

ජ්‍යෙෂ්ඨ නාවිකයන් සදහා

රු. 510.00

කනිෂ්ඨ නාවිකයන් සදහා

රු. 425.00

තවද 2010 ජනවාරි මස 19 වන දින නාහ.5 සංදේශයට අනුව පුහුණු කිරිමේ ආයතන වලට අමතරව අනෙකුත් ආයතන වල අවි/සරඹ උපදේශකයින් හට අර්ධ උපදේශක වැටුප් ලබා ගැනිම සදහාද හිමිකම් ඇත.

එසේ උපදේශක රාජකාරියෙහි නියුතු වන නිළධා‍රින්/නාවිකයන්ගේ නාම ලේඛණයක් සැම මසකම 05 වන දිනට ප්‍රථම අධ්‍යකෂ නාවික වැටුප් වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව එම නාවික පුද්ගලයින් හට අදාල දිමනාව ගෙවිම් කරනු ලබයි.

• නාවික පෙදු දිකාඝ 041530 සැප්තැම්බර් 1998 දරණ සංඥාව මගින් සංශෝධනය කරන ලද අගයන් මේ දක්වා ගෙවීම් කරනු ලබයි.

මුලික බුද්ධි පාඨමාලව සාර්ථක ලෙස නිම කිරිමෙන් පසු බුද්ධි රාජකාරීන් සදහා යොදවනු ලබන නිලධාරින් සහ නාවිකයන් හට 2007 සැප්තැම්බර් මස 24 වන දින නාහ.5 සංදේශය ප්‍රකාරව මෙම දීමනාව ලබා ගැනිම සදහා ඉදිරිපත් කළයුතු අතර අදාල සුදුසුකම්ලත් නාවික පුද්ගලයන්ගේ නිළය/තාරාතිරම පදනම් කර ගෙන‍ එම සංදේශ‍යෙහි සදහන් පරිදි බුද්ධි දීමනාව වැටුපට ගෙවීම් කරනු ඇත.

මෙම සංදේශයෙහි ‘අ’ කොටසෙහි සදහන් ලුතිනන් සිට බල නැවි දක්වා ගෙවීම් කරනු ලබන මුදල රු . 1000.00 ක් ‍ 2007 ජුලි මස 03 වන දිනැති අංක D/623/ET/3/1 දරණ රාජ‍්‍ය ආරකෂක අමාත්‍යංශ ලේකම්ගේ ලිපියට අනුව සං‍ශෝධනය කර ඇත.

නාවික හමුදා නිළධාරින් සහ නාවිකයන් හට සුදුසුකම් වැටුප ලබා ගැනිම සදහා ශ්‍රිලංනාහ නියෝග 0823 ප්‍රකාරව පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුය.

• නාවික හමුදාව අගය කරන නාවික හමුදාවට විශේෂ දැණුමක් ඇති කරවන ‍යම්කිසි විශේෂඥතා පාඨමාලාවක් සම්පුර්ණ කර තිබීම.

• නාවික පාඨමලාවකින් හෝ අන්තර් සේවා මාණ්ඩලික පාඨමාලාවකින් සුදුසුකම් ලබා තිබීම.

• නාවික හමුදාවට විශේෂ වැදගත්කමක් ඇති කරවන විෂයක් සම්බන්ධයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම.

• තම රාජකාරින් කිරිමෙහිලා විශේෂ වැදගත්කමක් ඇති කරවන අන්දමේ විශේෂ සුදුසුකම් ලබා තිබිම.

ඉහත සදහන් සුදුසුකම් ලබා ඇති නිළධාරින් හා නාවිකයින් හට ශ්‍රිලංනාහ නියෝග 0823 ප්‍රකාරව අදාල සුදුසුකම් අනුව සුදුසුකම් වැටුප් ‘ඒ’සහ ‘බී’ ලෙස වර්ගීකරනය කර පහත සදහන් පරිදි මසකට ගෙවිම් කරනු ඇත.

‘ඒ’ ශ්‍රේණිය සදහා - රු. 637.50

‘බී’ ශ්‍රේණිය සදහා - රු. 425.00

මෙහිදි අදාල සුදුසුකම්ලත් නිලධාරින්ගේ අයදුම්පත් ‍‍ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙතින්ද ,නාවිකයන්ගේ අධ්‍යකෂ නාවික පුද්ගල විසින්ද අනුමත කරන ලද ‍නාම ලේඛනයක් මගින් වැටුප් අංශය වෙත ඉදිරිපත් කරනු ඇත.තවද මෙම දීමනාව විශ්‍රාම වැටුපටද ගණනය කරනු ඇත.

• 1997.07.02 සංශෝධනය කරන ලද අගයන් මේ දක්වා ගෙවීම් කරනු ලබයි.

වසර 12 ක මුලික සේවා කාලයක් අවසානයේ වසර 10 ක සේවා කාලයක් සදහා නැවත සේවයට බැදි එම වෛද‍්‍ය පරීක්ෂණය සමත්වන නාවිකයන් හට මසකට රු. 300.00 ක මුදලක් නැවත සේවයට බැදිමේ වැටුප ලෙස ගෙව්ම් කරනු ඇත.තවද පුහුණු පාඨමාලාවක් හැදැරීම සම්බන්දයෙන් ගිවිසගත් බැදුම්කරයක් / ගිවිසුමක් යටතේ හෝ වෙනත් සේවා අවශ්‍යථාවයක් නිසා හෝ කළ යුතු අනිවාර්ය සේවා කාලය සම්පුර්ණ කිරිමේ කාර්යය සදහා යම් නැවියකු දස වසරකට අඩු කාල සිමාවක් සදහා නැවත සේවයට බැදී ඇත්නම් ද අදාල නාවිකයා හට නැවත සේවයට බැදිමේ වැටුප ලබා ගැනි‍මට සුදුසුකම් ඇත.

එම ගෙවිම් කිරිම සදහා සුදුසුකම් සම්පුර්ණ කරන නාවිකයන්ගේ විස්තර සහ ගෙවිම් කළ යුතු කාල සිමාවන්ද සදහන් කර අධ්‍යකෂ නාවික පුද්ගල වෙතින් වැටුප් අංශය වෙත නාම ලේඛනයක් මගින් ඉදිරිපත් කරනු ඇත.එම අනුමත කරන ලද නාම ලේඛනයේ සදහන් නාවිකයන් සදහා පමනක් මෙම දිමනාව ගෙවීම් කරනු ඇත.

• 1997.07.02 සංශෝධනය කරන ලද අගය මේ දක්වා ගෙවීම් කරනු ලබයි

නාවික හමුදා වැටුප් සංග්‍රහයට අනුව මෙහෙකාර දිමනාව වශයෙන් රු. 750.00 ක මුදලක් මේ වන විට ගෙවීම් කරනු ලබන්නේ නාවික හමුදාධිපති හට පමණි.

• 1997.07.02 සංශෝධනය කරන ලද අගය මේ දක්වා ගෙවීම් කරනු ලබයි.

දිරි දිමනා ගෙවීම් කිරිම 2003 මැයි මස 05 දිනැති නාහ.05 සංදේශය ප්‍රකාරව නිත්‍ය නාවික හමුදා පුද්ගලයින් සදහා පමනක් ගෙවීම් කරනු ඇත.

මෙම දිමනාව අදාල නාවික පුද්ගලයාගේ සේවා කාලය පදනම් කර ගෙන ගෙවීම් කරනු ලබයි.

අවුරුදු 05 ට වැඩි - රු 250.00

අවුරුදු 12 ට වැඩි - රු 500.00

අවුරුදු 22 ට වැඩි - රු 850.00

‍‍2003 මැයි මස 05 වන දින නාහ.05 සංදේශයෙහි දක්වා ඇති පරිදි මෙම දිමනාව සදහා නාවික පුද්ගලයින් අයදුම් කල යුතුය.

මෙම දිමනාව ගෙවිම් කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙහි 2016 පෙබරවාරි මස 23 දිනැති අංක MOD/DEF/10/18/14 දරන අධිකාරිලත් සන්නද්ධ හමුදා නිලධාරින් සදහා විශේෂ දිමනාවක් ලබාදිම මාතෘකාව සදහන් ලිපිය මගින් දන්වා ඇත.ඒ අනුව නාවික හමුදාවේහි කොමාණ්ඩර් නිලයේ ස්ථිර කරන ලද දින සිට ගණනය කරනු ලබන සේවා කාලය පදනම් කර ගෙන පහත වගුවේ පරිදි 2016.02.03 දින සිට මෙම දිමනාව ගෙවිම් කරනු ඇත.

වසර 06ට අඩු සේවා කාලයක් සහිත නිලධාරින් හට රු. 3,000.00

වසර 06ක් හෝ එයට වැඩි සහ වසර 11ට අඩු සේවා කාලයක් සහිත නිලධාරින් හට රු. 5,000.00

වසර 11ක් හෝ එයට වැඩි සහ වසර 19ට අඩු සේවා කාලයක් සහිත නිලධාරින් හට රු. 10,000.00

වසර 19ක් හෝ එයට වැඩි සේවා කාලයක් සහිත නිලධාරින් හට රු. 15,000.00

තවද මෙම දිමනාවට සමාන වෙනත් දිමනා වන වෛද්‍ය,ඉංජිනේරු ආදි දිමනාවන් ලබන නිලධාරින් හට මෙම දිමනාව ලබා ගැනිමට හිමිකම් නොමැත.

මෙම දිමනාව ගෙවිම් කරනුයේ අදාල නිලධාරියා කොමාණ්ඩර් නිලයෙහි ස්ථීර කර ඇති බවට නිකුත් කරනු ලබන නාවික පොදු සංඥාවට අනුව වේ. ඉන්පසු මානව දත්ත කළමනාකරන පද්ධතිය මගින් මාසිකව වැටුප් අංශය වෙත ඉදිරිපත් කරනු ලබන ජ්‍යෙෂ්ඨතා ලේඛනයෙහි නිලධාරින්ගේ අදාල සේවා කාලයන්ට අනුරූපිව ඉහත දක්වා ඇති වගුවේ සදහන් පරිදි දිමනාව වැටුපට ගෙවිම් කරනු ඇත.

ගෙවල් කුලී දීමනාව විවාහක නාවික පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි අතර, ඒ සදහා පහත සදහන් ලියවිලි සම්පුර්ණ කර වැටුප් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

• නිවැරදිව සම්පූර්ණ කරන ලද ගෙවල් කුලී අයදුම්පත.

• අණදෙන නිලධාරි විසින් සහතික කරන ලද විවාහක සහතිකයේ ජායාස්ථික පිටපත.

• පොදු 176 පෝරමය.

• කාලත්‍රයා සන්නද්ධ හමුදාවක සේවය කරන්නේනම් අදාල ආයතනයෙන් ගෙවල්කුලී දීමනාව ලබා නොගන්නා බවට සහ විවාහක නිවාසයක පදිංචිවී නොමැති බවට සහතික කරන ලද ලිපියක්.

පහත දක්වා ඇති පරිදි නිලය, තරාතිරම අනුව ගෙවල් කුලී දීමනාව ගෙවනු ලබයි. (වැටුප් පත්‍රිකාවේ ‍‍ ‘ඒ 16’ ලෙස පෙන්වා ඇත)

නිළය/තරාතිරම

‍කොළඹ මහනගර සභා (රු.)

අනිකුත් මහනගර සභා සහ ආයෝජන මණ්ඩල ප්‍රදේශ (රු.)

නගර සභා (රු.)

ප්‍රාදේශිය සභා, සුළු නගර සභා සහ ගම්‍ සභා (රු.)

ලුති කොමා ඇතුළු ඉහල නිල

8500.00

6600.00

5300.00

3700.00

ලුතිනන් ඇතුළු පහළ නිල

7700.00

5500.00

4600.00

3200.00

ප්‍රසුනි ඇතුළු ඉහල තරාතිරම

6600.00

4800.00

3800.00

2700.00

සුනි ඇතුළු පහල තරාතිරම

5500.00

4100.00

3200.00

2400.00

 

අනුගාමික දීමනාව නිත්‍ය ස්වේචිජා නිලධාරින්/නිලධාරිණියන් විවාහ වීමෙන් පසු ගෙවනු ලබන අතර, මාසික වේතනයට දීමනා යටතේ රු.637.50 ක මුදලක් ගෙවනු ලබයි. (වැටුප් පත්‍රිකාවේ ‘ඒ 02’ ලෙස පෙන්වා ඇත)