සේවයෙන් විශ්‍රාම ගන්වා සිටියදී මියයන සහ සේවයේ යෙදී සිටියදී මියයන අවිවාහක/විවාහක නාවික පුද්ගලයින්ගේ යැපෙන්නන් වෙත පවත්නා අනපනත් යටතේ හිමිවිය යුතු විශාම වැටුප් සහ පාරිතෝෂික මුදල් හිමි ගැන්වීම


අ.

වැන්දඹු හා අනත්දරු විශ්‍රාම සැකසීම ( 1970 අංක 18 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සන්නද්ධ බලසේනා පනථ).

ආ.

වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප සැකසීම(1998 අංක 60 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සන්නද්ධ බලසේනා පනථ).

ඇ.

මරණ පාරිතෝෂිකය සැකසීම නිළධාරීන් (1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් පාරිතෝෂික සංග්‍රහයේ 14(1) ට අනුව).

ඈ.

මරණ පාරිතෝෂික සැකසීම නාවිකයින් (1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් පාරිතෝෂික සංග්‍රහයේ 23(1) ට අනුව).

ඉ.

යැපෙන්නනගේ දීමනාව සැකසීම නිළධාරීන් (1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් පාරිතෝෂික සංග්‍රහයේ 16(1) ට අනුව).

ඊ.

යැපෙන්නන්‍ගේ දීමනාව සැකසීම නාවිකයින් (1981 නාවික හමුදා විශ්‍රාම වැටුප් පාරිතෝෂික සංග්‍රහයේ 25(1) ට අනුව).

උ.

දරුවන් නොමැති වැන්දඹුවක් නැවත විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය වෙත වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපෙන් 50% හිමි ගැන්වීම (13/2010 දරණ විශ්‍රාම වැටුප් චක්‍රලේඛය).

ඌ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතවෙන් මියගිය නාවික පුද්ගලයින්ගේ වයස අවු 55 දක්වා වැටුප් ගෙවනු ලබන අතර එම වයස සම්‍පුර්ණ විමෙන් පසු අවසන් වරට ගෙවනු ලබන වැටුප පදනම් කර ගනිමින් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප 85% ප්‍රතිශතයට සංශෝධනය කිරීම (13/2010 දරණ විශ්‍රාම වැටුප් චක්‍රලේඛය).

එ.

වසර 10 ක් සම්පූර්ණ කර විවාහක මට්ටමෙන් සේවයෙන් ඉවත්ව ගිය නාවික පුද්ගලයින් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ දායක කර ගැනීම (13/2010දරණ විශ්‍රාම වැටුප් චක්‍රලේඛය). 

ඒ.

වසර 10 ක සේවා කාලයක් සම්පුර්ණ කර අවිවාහක මට්ටමෙන් සේවයෙන් ඉවත්ව යන නාවික පුද්ගලයින්ගේ වැන්දඹු හා අනත්දරු දායක මුදල් නැවත ගෙවිමි කිරීම (1970 අංක 18 දරණ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සන්නද්ධ බල සේනා පනත සහ 1998 අංක 60 දරණ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සන්නද්ධ බලසේනා පනත).



 


අ.

‍සේවා කාලය තුලදී වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය සදහා දායක මුදල් අයවි තිබීම.

ආ.

සේවා කාලය තුලදී විවාහ ගිවිසගෙන තිබීම (විශේෂ ක්‍රමය යටතේ බැදුනු නාවික පුද්ගලයින් සදහා අදාල නො‍වේ).

ඇ.

සේවයේ යෙදී සිටියදී මියයන නාවික පුද්ගලයෙකුගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සකසන ආකාරය පහත පරිදි වන අතර සේවා කාලය වසර 22කට වඩා අඩු වුවද සම්පූර්ණ සේවා කාලය වසර 22ක් සේ සලකා ගණනය කරනු ලැබේ. (විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 70%).

 (2016.01.01 වන දිනෙන් පසු විශ්‍රාම වැටුප සදහා ජීවන වියදම් දීමනාව (රු. 3525.00) පමණක් එක්කර ගෙවනු ලැබේ. එදිනට පෙර සිදුවීම් සදහා ජීවන වියදම් රු. 3525.00 සහ අන්තර් දීමනාව වන රු 3500.00 ක් එක්කර ගෙවීම් කරණු ලබයි)  

මාසික ඒකාබද්ධ වැටුප  15805.00
සලාක දීමනාව 13500.00
සුදුසුකම් වැටුප  425.00
 යහපත් හැසිරීමේ දීමනාව  157.50
නැවත සේවයට බැදීමේ දීමනාව 300.00
එකතුව         30,187.50
වැන්දඹූවට හිමි මාසික වැ.අ.වි.වැ.=    30,187.50 x 70/100 21,131.25
ඈ.

සේවයේ යෙදී සිටියදී මියයන නිළධාරියෙකුගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප සකසන ආකාරය පහත පරිදි වන අතර සේවා කාලය වසර 20 කට වඩා අඩු වුවද සම්පූර්ණ සේවා කාලය වසර 20 ක් සේ සලකා ගණනය කරනු ලැබේ. (විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 65%)

මාසික ඒකාබද්ධ වැටුප 25,805.00
සලාක දීමනාව   16,435.00
සුදුසුකම් වැටුප  637.50
 එකතුව   42,877.50 
  වැන්දඹූවට හිමි මාසික වැ.අ.වි.වැ.    =    42,877.50 x 65/100 27,870.37

(2016.01.01 වන දිනෙන් පසු විශ්‍රාම වැටුප සදහා ජීවන වියදම් දීමනාව (රු 3525.00) පමණක් එක්කර ගෙවනු ලැබේ. එදිනට පෙර සිදුවීම් සදහා ජීවන වියදම් රු 3525.00 සහ අන්තර් දීමනාව වන රු 3500.00 ක් එක්කර ගෙවීම් කරණු ලබයි)
ඉ.

විශ්‍රාමික පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුප ඔහු විශ්‍රාම ගන්වන ලද අවස්ථාවේ හිමි වැටුප් හා දිමනා පදනම් කර ගනිමින් සිදු කරණු ලබන අතර විශ්‍රාම ගැන්වීමෙන් පසු යම් සංශෝධනයක් ප්‍රධාන පත්‍රයක් නිකුත් කර ඇත්නම් එම සංශෝධනයට අදාල ගණනය කරණු ලබයි. (නිත්‍ය නාවික උප සේවය හෝ ස්වේඡා නාවික උප සේවයේ යෙදී සිටි කාලයට අදාලව සංශෝධනය වී ඇත්නම් එම සංශෝධනය සිදු කිරීම සදහා යොදා ගන්නා ලද වැටුප් හා දීමනා පදනම් කර ගනිමින් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ගණනය කරණු නොලැබේ).

ඊ.

වැන්දඹු හා වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප සැකසීම සදහා අවශ්‍ය ලියකියවිලි.

1 මියගිය අයගේ උප්පැන්නය හා මරණ සහතිකයේ මුල් පිටපත් 02 යි.
2 වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය හා විවාහ සහතිකයේ මුල් පිටපත් 02 යි.
3 බාලවයස්කාර දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් 02 යි.
4 ඉහත සදහන් සහතිකයන්යහි නම්වල වෙනස්කම් සදහා සාමදාන විනිශචයකාර වරයෙකුගෙන් ලබා ගන්නා දිව්රුම් ප්‍රකාශයේ මුල් පිටපත් සහ ඡායා පිටපත් 01 යි
5 වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක්.
6 වැන්දඹූවගේ/වැන්දඹූ පුරුෂයාගේ බැංකු පාස්පොතේ ජාතික හැදුනුම්පතේ සහ මියගිය පුද්ගලයාගේ ජාතික හැදුණුම්පතේ සහතික කරන ලද පිටපත් 02 ක්.
7 පිඩි 4 ආකෘතිපත.


 



අ.

‍නිළධාරියාගේ හෝ නාවිකයාගේ මරණය නාවික හමුදා සේවයට සම්බන්ධ වීමක් නිසාවෙන් සිදු වී ඇති බවට නාවික හමුදාධිපති විසින් පත් කරනු ලබන පරීක්ෂණ මණ්ඩලයක් විසින් තීරණය කිරීමෙන් පසු එය නාවික හමුදාධිපති විසින් අනුමත කිරිමෙන් පසු මෙම දීමනාව ගෙවීම් කිරීමට හැකියාවක් පවතී. මේ සදහා 1981 නාවික හමුදා වැටුප් හා පාරිතෝෂික සංග්‍රහයේ නිළධාරින් සදහා 16 (1) යටතේද නාවිකයින් වෙනුවෙන් 25 (1) යටතේද විධිවිධාන සලසා ඇති අතර ඒ අනුව සැකසීම් කටයුතු සිදු කරනු ලැබේ.

ඇ.

බිරිද හට යැපෙන්නන්ගේ විශ්‍රාම වැටුප සැකසීම සදහා අවශ්‍ය ලියකියවිලි.

1 මියගිය අයගේ උප්පැන්න සහතිකයේ සහ මරණ සහතිකයේ මුල් පිටපත් 01 යි.
2 වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය හා විවාහ සහතිකයේ මුල් පිටපත් 01 යි.
3 බාලවයස්කාර දරුවන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් 01 යි
4 ඉහත සදහන් සහතිකයන්යහි නම්වල වෙනස්කම් සදහා සාමදාන විනිශ්චයකාර වරයෙකුගෙන් ලබා ගන්නා දිව්රුම් ප්‍රකාශයේ මුල් පිටපත සහ ඡායා පිටපත් 01 යි
5 වැන්දඹූවගේ/වැන්දඹු පුරුෂයාගේ අගල් 3¼ x 2¼ කඑසුදු ප්‍රමාණයේ ඡායාරූප 04 ක්.
6 මියගිය නාවිකයාගේ සහ කාලාත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ සහතික කරන ලද පිටපත්    01 යි.
7 වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ බැංකු ගිණුමේ සහතික කරන ලද ඡායාස්ථික පිටපත් සහ දරුවන්ගේ ජාතික ඉතිරි කිරීමේ ගිණුම්වල සහතික කරන ලද ඡායාස්ථික පිටපත් 01 බැගින්.
ඈ.
1 මියගිය අයගේ උප්පැන්නය හා මරණ සහතිකයේ මුල් පිටපත් 02 යි.
2 මවගේ සහ පියාගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකයේ මුල් පිටපත් 02 බැගින්'
3 ඉහත සදහන් සහතිකයන්යහි නම්වල වෙනස්කම් සදහා සාමදාන විනිශචයකාර වරයෙකුගෙන් ලබා ගන්නා දිව්රැම් ප්‍රකාශයේ මුල් පිටපත සහ ඡායා පිටපත් 01 යි
4 )මවගේ සහ පියාගේ අගල් 3¼ x 2¼ කඑසුදු ප්‍රමාණයේ ඡායාරූප 04 බැගින්.
5 මියගිය නාවිකයාගේ සහ මවගේ පියාගේ ජාතික හැදුනුම්පත්වල සහතික කරන ලද පිටපත් සහ බැංකු ගිණුම්වල සහතික කරන ලද ඡායාස්ථික පිටපත් 02 බැගින්.


 



අ.

‍අවිවාහක නිළධාරියෙකු හෝ නාවිකයෙකු සේවයේ ‍යෙදී සිටියදී මියගිය හොත් ඔහුගේ සේවා කාලයට අදාලව මාසික වේතනයෙන් අයකර ගන්නා ලද වැන්දඹු හා අනත්දරු දායක මුදල් (නිලධාරියෙකුගේ මාසික ඒකාබද්ධ වැටුපෙන් 7% නාවිකයෙකුගේ 6% බැගින් අයකරනු ලබයි.)නැවත භාරකාරිත්වය (මව/පියා හෝ වයස අවු 18 ට අඩු අව්වාහක සහෝදර සහෝදරියන්) වෙත ගෙවීම් කරනු ලබයි.

ආ.

ඔහුගේ සම්පූර්ණ සේවා කාලයට අනුව අයවී ඇති මුදලට 2.5% ක වාර්ෂික වැල් පොලියක්ද එක්කර ගෙවීම් කරණු ලබයි. '

ඇ.

2015.01.01 වන දිනට පෙර සිද්දීන් සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් සිදු කරණු ලබන අතර එදිනෙන් පසුව සියලුම ගෙවීම් කටයුතු නාවික හමුදාව විසින් සිදුකර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් එම මුදල් ප්‍රතීපූර්ණය කිරිම දැනට සිදු කරණු ලබයි. (ඒ සදහා අවශ්‍ය උපදෙස් හා නියෝග විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2015 (1) හි ඇතුලත්ව ඇත.

ඈ.

වැන්දඹු හා අනත්දරු දායක මුදල් නැවත ගෙවීම් කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි.

1 මියගිය අයගේ උප්පැන්න සහතිකයේ සහ මරණ සහතිකයේ මුල් පිටපත් 01 යි.
2 මියගිය නාවිකයාගේ දෙමාපියන්ගේ/භාරකරුවන්ගේ උප්පැන්න සහතිකයෙහි මුල් පිටපත් 01 යි.
3 මියගිය නාවිකයාගේ සදමාපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත් 01 යි
4 ඉහත සදහන් සහතිකයන්යහි නම් වල වෙනස්කම් සදහා සාමදාන විනිශ්චයකාර වරයෙකුගෙන් ලබා ගන්නා දිව්රුම් ප්‍රකාශයේ මුල් පිටපත සහ ඡායා පිටපත් 01 යි
5 මියගිය නාවිකයාගේ දෙමාපියන්ගේ/භාරකරුවන්ගේ එක් අයකු හෝ ජීවතුන් අතර නොසිටීනම් එම මරණ සහතිකයේ මුල් පිටපත් 01 යි.


 

මාසික ඒකාබද්ධ වැටුප   15805.00
සලාක දීමනාව  13500.00
සුදුසුකම් වැටුප  xxxxxxx
යහපත් හැසිරීමේ දීමනාව 30.00
නැවත සේවයට බැදීමේ දීමනාව xxxxxxx
එකතුව 29335.00 
හිමි මරණ පාරිතෝෂිකය    -    29335.00  x 12 352,020.00


 

මාසික ඒකාබද්ධ වැටුප 21805.00
සලාක දීමනාව 13500.00
සුදුසුකම් වැටුප 425.00
යහපත් හැසිරීමේ දීමනාව 157.50
නැවත සේවයට බැදීමේ දීමනාව 300.00
එකතුව 36187.50
හිමි මරණ පාරිතෝෂිකය    -    36187.50 x 76/100 x 24 660,060.00


 

මාසික ඒකාබද්ධ වැටුප                42,805.00
සලාක දීමනාව 16,500.00
සුදුසුකම් වැටුප 637.50
එකතුව  59,942.50
හිමි මරණ පාරිතෝෂිකතය  -    59942.50 x 71/100 x 24  1,021,420.20

අ.

2015.01.01 වන දිනෙන් පසු සේවයේ යෙදී සිටියදී මියයන විවාහක නාවික පුද්ගලයින්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ගණනය කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ගෙවීම් කරණු ලැබේ.

ආ.

විශ්‍රාම ගන්වා ඇති නාවික පුද්ගලයෙකු මියගිය විට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප ගණනය කර ගෙවීම් කටයුතු සදහා ඔහු විශ්‍රාම වැටුප් ලබාගන්නා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරණු ලැබේ.

ඇ.

වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ලබන දරැවන් නොමැති වැන්දඹුවක් නැවත විවාහ වු විට ඇය ලබමින් සිටින විශ්‍රාම වැටුපෙන් අර්ධයක් ඇය වෙත ගෙවීම් කිරීමට හැකියාවක් 13/2010 චක්‍රලේඛයෙන් ලබා දී ඇත.

ඈ.

දරුවන් සිටින වැන්දඹුවක් නැවත විවාහ වු විට ඇය ලබමින් සිටි විශ්‍රාම වැටුප අත්හිටුවා භාරකාරිත්වය යටතේ දරැවන් වෙනුවෙන් අනත්දරු විශ්‍රාම වැටුපක් සකස් කළ යුතුය.

ඉ.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගොස් ඇති විවාහක නාවික පුද්ගලයින්ගේ වයස අවු 55 ක්  සම්පුර්ණ වනතෙක් වැන්දඹූවන් වෙත නාවික හමුදාව මගින් මාසික වැටුප් හා දිමනා ගෙවීම් කරණු ලබන අතර ඔහුගේ වයස අවුරුදු 55 සම්පුර්ණ වීමෙන් පසු ඇය වෙත ගෙවීම් කර ඇති අවසන් වැටුප මත වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප සංශෝධනය කළ යුතුවේ. එසේ සංශෝධනය කරන අවස්ථාවේ විශ්‍රාම වැටුප් ප්‍රතිශතය වශයෙන් 85% ක් ලෙස ගෙන අදාල ගණනය කිරීම් සිදු කරණු ලබයි.