යැපෙන්නන්


    • අවිවාහක නම්

- මවට සහ පියාට ඔවුන් ජීවතුනන් අතර නොමැති අවස්ථාවක අවිවාහක අවුරුදු 18ට අඩු සහෝදරයන්ට සහ අවිවාහක රැකියා විරහිත සහෝදරියන්ට.

    • විවාහක නම්

- වැන්දඹු බිරිඳට හෝ ඇය ජීවතුන් අතර නොමැති විට වයස අවුරුදු 18ට අඩු දූ දරුවන්ට.

 

  • නැවත විවාහ ගිවිස ගන්නා වැන්දඹු බිරිඳ හට මාස 120 උපරිමයකට යටත් සකස් කරන ලද විශේෂ වන්දි මුදලක් හිමිවේ.

 වන්දි මුදල ගණනය කිරීම පහත සඳහන් පරිදි සිදු කෙරේ.

උදා: මියගිය නාවික පුද්ගලයාට දාව දරුවන් නොමැති අවස්ථාවලදී හිමි විශේෂ වන්දි මුදල සකස් කිරීම

       විශේෂ වන්දි මුදල = මාස 120ක වැටුප x 75/100

මියගිය නාවික පුද්ගලයාට දාව දරුවන් සිටින අවස්ථාවලදී හිමි විශේෂ වන්දි මුදල සකස් කිරීම

විශේෂ වන්දි මුදල = මාස 120ක වැටුප x 75/100 x 50/100

දැනට ගෙවනු ලබන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප හරි අඩක් ගෙවීම.

මියගිය නාවික පුද්ගලයාට දාව උපන් දරුවන් සිටී නම් ඔවුන්හට වයස අවු 18 වන තෙක් නාවික පුද්ගලයාගේ වැටුප් හා දීමනා වලින් 37.5% ක ප්‍රමාණයක් මාසික වැටුප් හා දීමනා වශයෙන් ඔවුන්ගේ භාරකාරත්වයට ලබා දීම.

නාවික පුද්ගලයාගේ ජීවත්ව සිටින දෙමාපියන් හට වැටුප් හා දීමනා වලින් 25%ක ප්‍රමාණයක් මාසික වැටුප් හා දීමනා වශයෙන් සකස් කර දීමට කටයුතු කිරීම.