වෛද්‍ය/ දන්ත වෛද්‍ය නිලධාරින් සදහා මාසික වැටුප් හා දිමනා ගෙව්ම් කිරිම
හැදින්විම
නාවික හමුදාවේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයන් වෙත නිලධාරීන් බඳවා ගැනීම 2022 ජූලි මස 13 වන දිනැති අංක නාහ 5 සංදේශය ප්‍රකාරව සිදු කරනු ලබයි. තවද, මාසික වැටුප් සකස් කිරිමේ ක්‍රියාවලියේදි මුලික වශයෙන් නාවික හමුදා සේවයට බදවාගනු ලබන නිලධාරින් සදහා හිමි සියලුම වැටුප් හා දිමනා සඳහා වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයන් වෙත බඳවා ගන්නා නිලධාරීන් හටද හිමි වේ.
ශ්‍රේණිගත නොවු වෛද්‍ය/ දන්ත වෛද්‍ය නිලධාරින්
නාවික හමුදා සේවයට බදවාගෙන ඇති ශ්‍රේණිගත නොවු නිත්‍ය හා ස්වේච්ඡා වෛද්‍ය නිලධාරින් සදහා නාවික හමුදා නිලධාරියෙකුට හිමි සියලුම වැටුප් හා දීමනා ගෙවිම් කරනු ලබයි.
ශ්‍රේණිගත වෛද්‍ය/ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ වැටුප් සකස් කිරීම
වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයන් වෙත බඳවා ගන්නා ලද නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව, සන්නද්ධ හමුදා වැටුප් සැකසීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිර්දේශ කර ඇති මූලික වැටුප් සහ සියලු දීමනාවන් වෛද්‍ය නිලධාරීන් වෙත හිමිගන්වනු ලබයි. මීට අමතරව සන්නද්ධ හමුදාවන් සඳහා පමණක් හිමිවන දීමනාවන් සඳහාද නාවික හමුදා සේවයේ නියුතු වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන් වෙත හිමි ගැන්වීම සිදු කරනු ලබයි.
මූලික වෂයෙන් ශ්‍රේණිගත වෛද්‍ය/ දන්ත වෛද්‍ය නිලධාරින් සදහා හිමි දිමනා
අමතර රාජකාරි දිමනාව (EXTRA DUTY ALLOWANCE)
1/20 දිමනාව (1/20 ALLOWANCE)
රාජකාරි බාධා පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DISTURBANCE, AVAILABILITY & TRANSPORT ALLOWANCE) (DAT)
විශ්‍රාම වැටුප් සහිත හා රහිත දිමනාව (PENSIONABLE/ NON PENSIONABLE ALLOWANCE)
අමතර විශේෂ දීමනාව (ADDITIONAL SPECIAL ALLOWANCE)
සන්නිවේදන දීමනාව ( TELEPHONE ALLOWANCE)
භාෂා දීමනාව (LANGUAGE ALLOWANCE)
අමතර රාජකාරි දීමනාව (EXTRA DUTY ALLOWANCE)
වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරින් සදහා දිනකට උපරිම පැය 06 කට යටත්ව මසකට උපරිම පැය 120 ක් සදහා අමතර රාජකාරි දිමනාව සදහා හිමිකම් ලබන අතර, අදාල වෛද්‍ය නිලධාරියා විසින් අමතර රාජකාරීන්හි නියැලී ඇති දිනයන් සහ වේලාවන් සටහන් කර ගැනීමෙන් අනතුරුව, E-Recovery පද්ධතිය මඟින් අයඳුම් කල යුතුය. මෙම දිමනාව 2025 ජුනි මස 26 වන දිනැති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛ ලිපි අංක 02-60/2025(I) දරන චක්‍රලේඛයට අනුව පහත සදහන් පරිදි ගෙවිම් කරනු ලබයි.
ශ්‍රේණිගත වෛද්‍ය/ දන්ත වෛද්‍ය නිලධාරින් සදහා හිමි දිමනා
| ශ්‍රේණිය |
පැයක් සඳහා ගෙවීම් කරන ලද මුදල (රු) |
|
| • | ප්‍රාථමික ශ්‍රේණිය |
රු.795.00 (පැයකට) |
| • | දෙවන ශ්‍රේණිය |
රු.967.00 (පැයකට) |
| • | පලමු ශ්‍රේණිය |
රු. 1291.00(පැයකට) |
| • | පරිපාලන - නියෝජ්‍ය ශ්‍රේණිය |
රු.995.00 (පැයකට) |
| • | පරිපාලන - ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය |
රු.1373.00 (පැයකට) |
| • | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණිය |
රු.1542.00 (පැයකට) |
| • | විශේෂඥ ශ්‍රේණිය |
රු.1542.00 (පැයකට) |
1/20 දීමනාව (1/20 ALLOWANCE)
නාවික හමුදා සේවයට බදවාගෙන ඇති ශ්‍රේණිගත නොවු නිත්‍ය හා ස්වේච්ඡා වෛද්‍ය නිලධාරින් සදහා නාවික හමුදා නිලධාරියෙකුට හිමි සියලුම වැටුප් හා දීමනා ගෙවිම් කරනු ලබයි.
රාඡකාරි බාධා පැමිණ සිටිමේ හා ප්‍රවාහන දිමනාව (DISTURBANCE, AVALIBILITY & TRANSPORT ALLOWANCE) (DAT)
මෙම දිමනාව 2015 අප්‍රේල් මස 02 වන දිනැති සෞඛ්‍ය අමාත්‍යංශයේ පොදු චක්‍රලේඛ ලිපි අංක 02-36/2015 දරන චක්‍රලේඛය අනුව මසකට රු.70000.00ක දිමනාවක් මාසික වැටුප සමග ගෙවිම් කරනු ලබයි.
විශ්‍රාම වැටුප් සහිත හා රහිත දීමනාව (PENSIONABLE/ NON PENSIONABLE)
1991 මැයි මස 17 වන දිනැති අංක 662/11 දරණ රජයේ ගැසට් පත්‍රයට අනුව පහත තනතුරු දරන වෛද්‍ය නිලධාරින් සදහා දක්වා ඇති පරිදි මෙම දීමනාව ගෙවිම් කරනු ලබයි.
| ශ්‍රේණිය |
විශ්‍රාම වැටුප් සහිත දීමනාව(රු.) |
විශ්‍රාම වැටුප් රහිත දීමනාව(රු.) |
|
| • | ප්‍රාථමික ශ්‍රේණිය |
1700.00 |
2125.00 |
| • | දෙවන ශ්‍රේණිය |
1700.00 |
1700.00 |
| • | පලමු ශ්‍රේණිය |
3400.00 |
|
| • | පරිපාලන - නියෝජ්‍ය ශ්‍රේණිය |
3400.00 |
|
| • | පරිපාලන - ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිය |
3400.00 |
|
| • | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණිය |
3400.00 |
|
| • | විශේෂඥ ශ්‍රේණිය |
3400.00 |
|
අමතර විශේෂ දිමනාව (ADDITIONAL SPECIAL ALLOWANCE)
2005 ජුලි මස 25 වන දින අංක ඩි/589/ඊටි/111 දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපියට අනුව සේවයේ නියුතු වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරින්ට මෙම දිමනාව වශයෙන් මසකට රු.1500.00ක දිමනාවක් ගෙවනු ලැබේ.
සන්නිවේදන දිමනාව (TELEPHONE ALLOWANCE)
2012 මැයි මස 16 වන දිනැති සෞඛ්‍ය අමාත්‍යංශයේ පොදු චක්‍රලේඛ ලිපි අංක 01-24/2012 දරණ චක්‍රලේඛ අනුව මෙම දිමනාව මාසික වැටුප සමග ගෙවිම් කරනු ලබයි.
භාෂා දීමනාව (LANGHAGE ALLOWANCE)
2007 මාර්තු මස 05 වන දිනැති අංක D/672/ET දරන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගේ ලිපියට අනුව වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන් සඳහා පමණක් ගෙවීම් කරනු ලබයි. මෙම දීමනාව පළමු වරට ගෙවීම් කිරීමේදී රු. 5,000.00ක දීමනාවක් ගෙවීම් කරන අතර, මාසිකව අදාල ශ්‍රේණියේ වැටුප් වර්ධක අගයට රු.150.00ක මුදලක් එකතු කර ගෙවීම් කරනු ලබයි.
පරිපාලන දීමනාව (ADMINISTRATIVE ALLOWANCE)
2007 අප්‍රේල් මස 16 වන දිනැති අංක 1493/3 දරන රජයේ ගැසට් පත්‍රය අනුව පරිපාලන හෝ නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණියේ විධිමත් පත්වීම් ලද වෛද්‍ය නිලධාරීන් සඳහා මාසිකව රු. 6,000.00 ක මුදලක් ගෙවීම් කරනු ලබයි. මෙම දීමනාව විශ්‍රාම වැටුප් ගණනය සඳහා අදාල වන දීමනාවක් වේ.
වෙනත් දීමනා චක්‍රලේඛ
| විස්තරය | බලන්න |
|---|---|
| අයවැය යෝජනා අනුව වෛද්‍ය කාර්ය මණ්ඩලය සදහා දීමනා සංශෝදනය කිරීම | View |
| රජයේ නිවාඩු දිනයන්හි සහ සති අන්තයේ සේවය වෙනුවෙන් 1/20 දීමනාව ගෙවීම- වෛද්‍ය නිළධාරීන් සදහා | View |
| Revision of Disturbance, Availability and Transport (DAT) Allowance of Medical Officers | View |
| - | View |
| සන්නිවේදන දීමනාව - වෛද්‍ය නිළධාරී | View |
| සන්නද්ධ හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිළධාරීන්ට අමතර විශේෂ දීමනා ගෙවීම | View |