සේවා පාරිතෝෂිකය ගෙවිම් කිරිම (SERVICE GRATUITY)


ගණනිය සේවා කාලය වසර 10 ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර සේවයෙන් ඉවත්ව යන නාවික පුද්ගලයින් සදහා ගෙවිමි කරනු ලබන දිමනාව සේවා පාරිතෝෂික දිමනාව ලෙස හදුන්වනු ලැබේ.

සැයු - අවමන් සහිතව හෝ විෂමාචාර හේතුවක් මත සේවයෙන් පහ කිරිමකදි හෝ අස් කිරිමකදි එම පුද්ගලයාගේ ඉල්ලිම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් තිරණය කරනු ලබන ප්‍රතිශතයක පාරිතෝෂිකයක් ඔහුගේ යැපෙන්නන්ගේ නඩත්තුව සදහා ආධාර දිමේ අවශ්‍යතාවය මත ලබාදිය හැක.

තවද පාරිතෝෂිකයන් සකස් කිරිමට පහත සදහන් දිමනා උපයෝගි කර ගනි

නිලධාරින්

නාවිකයින්

ඒකාබද්ධ වැටුප

ඒකාබද්ධ වැටුප

සලාක දීමනාව

සලාක දීමනාව

සුදුසුකමි වැටුප

සුදුසුකමි වැටුප

 

යහපත් හැසිරී‍‍‍ම දීමනාව

 

නැවත සේවයට බැදීම වැටුප

වසර 10 ක ගණනිය සේවා කාලයක් සම්පුර්ණ කර තිබිම.

නිලධාරියාගෙන්/ නාවිකයාගෙන් ලබා ගැනීමට කටයුතු කිරීම

අ.

උප්පැන්න සහතිකයේ ඡායා පිටපත් 2

ආ.

ජාතික හැදුනුමිපතේ පිටපත් 2

ඇ.

කාලයාත්‍රගේ උප්පැන්න සහතිකෙය් මුල්පිටපත් 1

ඈ.

විවාහ සහතිකයේ මුල් පිටපත් 1

ඉ.

පෙර විවාහ පැවතියේ නමි විවාහයෙන් දික්කසාද වු නඩු වාර්තාවන්හි නෛතික වාර්තථා

ඊ.

දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්

උ.

අබාධිත දරුවන් සිටී නමි ඔවුන්ගේ අබාධිත තත්වය සදහන් වෛද්‍ය වාර්තථා

ඌ.

නමෙහි වෙනස්කමි ඇත්නමි දිවුරුමි ප්‍රකාශ

එ.

කාලයාත්‍රා මියගොස් නමි මරණ සහතිකයේ මුල්පිටපත

උදා- වසර 12 ක මුලික සේවා කාලය අවසානයේ නාවික හමුදාවෙන් ඉවත්විමේදි ඔහුගේ සේවා පාරිතෝෂිකය ගණන කිරීම (විශාම වැටුප් සහිත දිමනාවන්ගේ එකතුව සේවා කාලයෙන් වැඩිකල යුතුය)

මාසික ඒකාබද්ධ වැටුප                               - රු. 15000.00

ය. හැ. ලා ප්‍රධානය                                       - රු.       60.00

සුදුසුකමි වැටුප                                            - රු.     425.00

සලාක දීමනාව                                            - රු.   9262.20

මුලු එකතුව                                                 - රු. 24747.20

සේවා පාරිතෝෂික ගණනය කිරීම රු. 24747.20 x 12 = රු.296966.40