රණවිරු මාපිය රැකවරණ දීමනාව ගෙවිම් කිරීම


 

2011 වර්ෂයේ අයවැය යෝජනා අනූව රණවිරු මාපිය රැකවරණ දීමනාව නමින් දීමනාවක් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ගෙවිම් කිරීම ආරම්භ කරන ලදී. ඒ සදහා හිමිකම් ලබන පාර්ශවයන් පහත දක්වා ඇත.

අ.

2009 මැයි මස 19 වන දිනට මියගිය, අතුරුදහන්,ආබාධිත (රණවිරු සේවා අධිකාරියේ විෂයට අයත් ) සියඑම රණවිරුවන්ගේ මව සහ පියා.

ආ.

2009 මැයි මස 19 වන දිනට සේවයේ නියුතුව සිටි සියඑම ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ මව සහ පියා.

ඇ.

1983 ජනවාරි මස 01 වන දින සිට 2009 මැයි මස 19 වන දින දක්වා විශ්‍රාම ලබා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ සියඑම රණවිරුවන්ගේ මව සහ පියා (හමුදා සේවය හැරගොස් නැවත සේවයට පැමිණ සේවයෙන් ඉල්ලා අස්වූවන් හැර).


මෙම දීමනාව රණවිරුවන්ගේ ජීවත්ව සිටින මවට සහ පියාට මාසිකව රු. 750.00 බැගින් ගෙවීම් කරනු ලබන අතර, රණවිරුවන් කිහිප දෙනෙකු හමුදාවන්හි සේවයේ නියුතුව සිටියද හමුදා ජ්‍යෙෂ්ඨ පදනම් කරගෙන මෙම දීමනාව ගෙවීමි කරනු ලබයි.

මෙම දීමනාව මවට සහ පියාට වෙන් වෙන්ව රු 750.00 බැගින් වෙන් වෙන්ව හිමිවන අතර, මව සහ පියා ජීවත්ව සිටින බවට සහතිකයක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මගින් සහතික කර සෑම මාස 06 කට වරක්ම වැටුප් අංශය වෙත ඉදිරිපත් කළ යුතුවේ. ඒ අනුව දීමනා ලාභින් මිය ගිය දින සිට මෙම දීමනාව ගෙවීම් කිරිම අත්හිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.