වැටුප් හා දීමනා සනාථ කිරීමේ ලේඛන


ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය සහ ආබාධිත නාවික පුද්ගලයින්ගේ යැපෙන්නන්ට වැටුප් හා දීමනා ගෙවීමේදී ඔවුන් ජීවත්ව සිටින බව සහ වැන්දඹුවක් නම් වැන්දඹු බව සෑම මාස තුනකට වරක් අදාල බල ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් මගින් පහත සඳහන් කාල පරාසයන් තුල සනාථ කිරීමට කටයුතු කල යුතුයි

 

පළමු කාර්තුව සඳහා අප්‍රේල් මස 05 වන දිනට පෙර
දෙවන කාර්තුව සඳහා ජූලි මස 05 වන දිනට පෙර
තෙවන කාර්තුව සඳහා ඔක්තෝබර් මස 05 වන දිනට පෙර
සිව්වන කාර්තුව සඳහා ජනවාරි මස 05 වන දිනට පෙර

තවද මියගිය සෑම නාවික පුද්ගලයෙකුගේම යැපෙන්නන් හා ආබාධිත නාවික පුද්ගලයින් ජීවත්ව සිටින බව සහ වැන්දඹු බව සනාථ කිරීම සදහන් සහතිකය අවසන් වරට ඉදිරිපත් කර ඇති දිනය සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද සටහනට අනුව අදාළ සහතිකයන් නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුය.

මේ සඳහා අවශ්‍ය ආකෘතිපත් පෝරමයන් ඇතුළත් කොටස පිවිසීමෙන් ලබා ගත හැකිය.