දෙපාර්තමේන්තු වැටුප් ප්‍රතිපුර්ණය කිරිමේ මුලික ක්‍රමවේදය


ස්වේචිඡා නාවික හමුදාවේ සක්‍රීය සේවය සඳහා රාජ්‍ය නිලධාරින් කැඳවීමේදී ස්වේචිඡා නාවික හමුදා මුලස්ථානය මගින් එම පුද්ගලයා ස්ථිරව සේවය කරනු ලබන ආයතනය/දෙපාර්තමේන්තුව සමග සමිබන්ධීකරණය වී සක්‍රීය සේවය සඳහා නිදහස් කර ගැනීමට කටයුතු කරන අතර, ඒ සමිබන්ධයෙන් අවැසි ලිපි අදාළ ආයතනය/ දෙපාර්තමේන්තුව වෙත අධ්‍යක්ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්) හට පිටපතක්ද සහිතව යොමු කරනු ලබයි.
    
එසේ ස්වේචිඡා නාවික හමුදාවේ සක්‍රීය සේවය සඳහා කැඳවන නිලධාරින් හට මුල් දින 60 සඳහා ආයතන දෙකෙන්ම වැටුප් ලබා ගැනීමේ හිමිකම ලබා දී ඇති අතර, එසේ වැටුප් ලබා ගැනීමේදී ජීවන වියදම් දීමනාව එක් ආයතනයකින් පමණක් ලබා ගත යුතුවේ.
    
මුල් දින 60 න් ඔබ්බට වැටුප් ලබා ගැනීමේදී එම පුද්ගලයා ස්ථිරව සේවය කරනු ලබන ආයතනයෙන් ලබා ගන්නා ලද වැටුප් හා දීමනාවන්, සන්නද්ධ ‍සේවාවෙන් ගෙවීමි කරනු ලබන මාසික වේතනයෙන් දෙපාර්තමේන්තු වැටුප ලෙස අඩුකර අදාළ ආයතනය වෙත ප්‍රතිපුර්ණය කිරීම සිදු කරනු ලබයි.
    
ඉන් අනතුරුව එම නිලධාරියා සක්‍රීය සේවයෙන් නිදහස් වනතුරු සෑම මසකම ආයතනයෙන් ලබා දෙන ලද වැටුප් විස්තරයට අනුව දෙපාර්තමේන්තු වැටුප් ප්‍රතිපුර්ණය කළ යුතුවේ.
    
ආයතනයෙන් ලබා ගන්නා ලද වැටුප් විස්තරයේ සඳහන් මුලික වැටුප සහ සන්නද්ධ හමුදාවේ මුලික වැටුප යන මුලික වැටුප් දෙක සන්සන්දනය කිරිමේන් පසු විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 10/2009 (සංශෝධන 1) ට අනුව ඔහු ලබන වැඩි මුලික වැටුපෙන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් (W & OP) අයකිරිම සිදුකළ යුතුවේ.
    ‍
1985 දෙසැම්බර් මස 20 වන දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 319 ප්‍රකාරව ස්වේච්ඡා නාවික හමුදාවේ සක්‍රීය සේවය සඳහා කැඳවනු ලබන නිලධාරින් හට වැටුප් රහිත අනිවාර්යය නිවාඩු ලබා ගැනීමට හිමිකම ඇත. එසේ වැටුප් රහිත අනිවාර්ය නිවාඩු ලබා මාස 06 කින් පසු නැවත සේවයේ පිහිටවයිනම් එම නිලධාරියා වෙත නැවත මුල් දින 60 සඳහා ආයතන දෙකෙන්ම වැටුප් ලබා ගැනීමට හැකිවේ.  

දෙපාර්තමේන්තු වැටුප් ලෙස මුදල් අඩුකර ගැනිමට කටයුතු කිරීම


D 1000 සිට D 1111 දක්වා ඇති අයකර ගැනීමි කේත අංක මගින් දෙපාර්තමේන්තු වැටුප අයකර ගැනීම සිදුකරනු ලබන අතර, අයකරගත් මුදල් එක් එක් දෙපාර්තමේන්තුවේ ගිණුම් අංකයන් වෙත අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය (Slip Transfer)  මගින් ප්‍රේෂණය කිරීමට කටයුතු කරනු ලැබේ. ප්‍රේෂණය කරනු ලබන මුදල් පිළිබද විස්තර අතුළත් කර ලිපියක් මගින් අදාළ ආයතනය දැනුවත් කිරීමටද කටයුතු කළ යුතුය.