විදේශ පාඨමාලා සදහා දීමනා ගණනය කිරීම


පාඨමාලාවන් සදහා විදේශ ගතවන නාවික පුද්ගලයින් සදහා අදාල පාඨමාලා කාලසීමාව පදනම් කරගෙන පහත සදහන් දීමනාවන් ගෙවනු ලබයි.


යම් නාවික පුද්ගලයෙකු වි‍දේශ ගතවන විට දිනකට ඩොලර් 40 බැගින් (උපරිම දින 30 ක් ) මෙම දිමනාව ගෙවනු ලබයි.

 

පාඨමාලාවන් සදහා විදේශ ගතවීමේදී විදේශිය රජය හෝ ආයතනය විසින් නවාතැන් හා ආහාරපාන ලබා නොදෙන අවස්ථාවන්හිදි දරණු ලබන වියදම් වෙනුවෙන් 2017 මාර්තු මස 29 වන දිනැති අංක 2/2017 දරණ මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛයේ දක්වා ඇති රටවල් කාණ්ඩ අනුව අදාල රටේ ‍‍‍‍‍‍අගය අනුව මෙම දිමනාව ගෙවනු ලබයි.

ආහාර සදහා         35%

නවාතැන් සදහා     65%


විදේශ සංචාර සදහා විදේශිය දීමනා ගෙවීම


රාජකාරී කටයුතු සදහා විදේශ ගතවීමෙිදී විදේශිය රජය හෝ ආයතනය විසින් නවාතැන් හා ආහාරපාන ලබා නොදෙන අවස්ථාවන්හිදි දරනු ලබන වියදමි වෙනුවෙන් 2015 මැයි මස 15 වන දිනැති අංක  01/2015/01 දරණ මුදල් හා ක්‍රමසමිපාදන අමාත්‍යංශයේ චක්‍රලේඛයේ දක්වා ඇති රටවල් කාණ්ඩ අනුව අදාල රටේ ‍‍‍‍‍‍අගය අනුව මෙම දිමනාව ගෙවනු ලබයි.

ආහාර සදහා         35%

නවාතැන් සදහා    65%

යම් නාවික පුද්ගලයකු විදේශ ගත වන විට දිනකට ඩොලර් 75 බැගින් ( උපරිම දින 15ක් ) මෙම දීමනාව ගෙවනු ලබයි .