අවසන් වැටුප සකස් කිරිම


නිමසේවා යනු ලබන සියඑම නාවික පුද්ගලයින් හට ඔවුන්ට හිමි විය යුතු අවසන් වැටුපක් වෙතොත් එය සකස් කර ඔවුන් හට ගෙවීම් කිරිමයි.

නියමිත සේවා කාලයන් සම්පුර්ණ කර විශ්‍රාම ගනු ලබන නිත්‍ය / ස්වේච්ඡා නිලධාරින් / නාවිකයන්

වසර 15 ක ‍ සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගනු ලබන නිත්‍ය / ස්වේච්ඡා නිලධාරිණියන් සහ කාන්තා නාවිකයින්

වසර 15 සහ වසර 12 ක මුලික සේවා කාලයක් සම්පුර්ණ කර සේවයෙන් ඉවත්ව යන නාවික පුද්ගලයින්

වසර 05 සහ වසර 10 සම්පුර්ණ කර ඉවත්ව යන ස්වේච්ඡා අංශයේ නාවික පුද්ගලයන්

වෙනත් හේතුන්මත‍‍, වෛද්‍යමය හේතුන්මත සහ අවමන් සහිතව / අවමන් රහිතව සේවයෙන් ඉවත්ව යන නාවික පුද්ගලයින්

වැටුප් රහිත අනිවාර්ය නිවාඩු මත තබන නාවික පුද්ගලයින්

ස්වේචිඡා නාවික පුද්ගලයින් සතිඅන්ත සහ වාර්ෂික පුහුණු කදවුරු සදහා අනුයුක්ත වීමේදී

මිය යාම හේතුවෙන් සේවයෙන් ඉවත් කරනු ලබන නාවික පුද්ගලයින්

නිමසේවා යන ඔහුට හෝ ඇයට දින ගණනක වැටුපක් පමණක් හිමිනම් මුඑ මාසයක් සදහා දෙන මුලික වැටුප ඇතුලු සියලු ස්ථිර දිමනාවන් ඔහුට හෝ ඇයට හිමි දින ගණනින් බෙදා ඒ එන අගයන් ලබා ගනු ලබයි.

ඉන් පසු ඔහු හෝ ඇය ලබා නොගත් පහත දිමනාවන් පිළිබදවද සටහන් කර ගැනිමට කටයුතු කරනු ලැබේ.

 නොගෙවන ලද වැටුප
 බැංකුවෙන් ගෙන්වන ලද මුදල
 පරිගණක තැටි මගින් නවතන ලද මුදල
 නැව් 327 දිමනාවන්

ඉන් පසුව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (ගබඩා පාලන) වෙතින් ඉදිරිපත් කර ඇති අයකර ගැනිම් ඇතුලත් කරනු ලබයි.

මිට අමතරව රු. 25000.00 වඩා වැටුපක් ඔහුට හෝ ඇයට හිමි වුවහොත් ඒ සදහා මුද්දර ගාස්තු වශයෙන් රු. 25.00 ක මුදලක් අයකරනු ලබයි.

වසර 10 කට වඩා වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති නිලධාරින්ගෙන් 7% ක් සහ නාවිකයන්ගෙන් 6% ක මුදලක් වැන්දඔු සහ අනත්දරු අරමුදල වෙනුවෙන් අයකර ගනු ලබයි.

ඉන් පසු අයකර ගැනිම් සියල්ල සකස් කරන ලද වැටුපට වඩා වැඩි අගයක් ගන්නේ නමි ඔහුට හෝ ඇයට හිමි මුඑ වැටුපම අයකර ගැනිම් සිදු කර තවත් අයකර ගැනිමට ඉතිරි වුවහොත් ඒ සියල්ල ඔහුගේ හෝ ඇයගේ පාරිතෝෂිතයෙන් අයකර ගැනිම සදහා විශ්‍රාම වැටුප් අංශය වෙත ඉදිරිපත් කරනු ලබයි.

යම් නාවික පුදගලයෙකුගේ අවසන් වැටුපෙන් අයකර ගැනිම් සිදු කර යම් මුදලක් ඉතිරි වන්නේ නම් පොදු 33 ආකෘති පත්‍රයේ සටහන් කොට නාවික හමුදා මුලස්ථානයේ අයවැය කාර්යාලය මගින් ගිණුම් අංශය වෙත ඉදිරිපත් කරනු ලබයි.

ගිණුම් අංශය මගින් පොදු 33 ආකෘතිපත්‍රයේ සදහන් කර ඇති පරිදි නාවික පුද්ගලයන්ට හිමි අවසන් වැටුප් සදහා ප්‍රේෂණපත් සකස් කර නැවත වැටුප් කාර්යාලය වෙත එවනු ලබයි.

ඉන් පසුව වැටුප් කාර්යාලය මගින් ඔවුන් ලබා දි ඇති ගිණුම් අංකයන් වෙත ඔවුන් වැටුප් ලබා ගත් ආකාරයට ඔවුන්ගේ අවසන් වැටුපද බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරනු ලැබේ.

ආයතන සංග්‍රහයේ 7 පරිච්ඡේදයේ 11.1 වන උප ඡේදයට අනුව සේවයේ යෙදි සිටියදි මිය යන ලද රාජ්‍ය නිළධාරින් වෙනුවෙන් එහි සදහන් උපදෙස් වලට යටත්ව ප්‍රධාන වශයෙන් මරණ පාරිතෝෂිතයක් හිමි නොවන අවස්ථාවකදි ඔහු මාසයේ කුමන දින මිය ගියද මිය ගිය මාසයේ අන්තිම දිනය දක්වා වැන්දඹුවට හෝ ළගම ඥාතියාට අවසන් වැටුප ගෙවිම් කරනු ලබයි.

යම් නාවික පුද්ගලයෙකු අවමන් සහිතව නාවික සේවයෙන් පහ කරන ලද විටදි නාවික හමුදා පනතේ 121 (ආ) වගන්තියට අනුව සියලුම මුල්‍ය හිමිකම් රාජ සන්තක කිරිමට කටයුතු කරනු ලැබේ.

එබැවින් මෙම දඩුවමට යටත්වන සෑම පුද්ගලයෙකු හටම අයිති අවසන් වැටුප සකස් කොට නාවික හමුදාවට හිමිවිය යුතු මුදල් අයකර ගෙන ඉතිරි මුදල් රාජ සන්තක කිරිමට කටයුතු කරනු ලැබේ.